BREAKING NEWS
Search

ශිරන්ති පොටෝ රාමු කරන්නෙත් ජනපති අරමුදලින්.

289

ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ අධිකරණ ඇතුළු රාජ්‍ය ආයතනවල වැය ශීර්ෂ සම්බන්ධයෙන් වූ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට පාර්ලිමේන්තුවේදී පෙරේදා (15) එක්වෙමින් අධිකරණ, ඛන්ධනාගාර කටයුතු සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා කරුණු කිහිපයක් අනාවරණය කළේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ 2008 වසරේ චීන සංචාරයක ඡායාරූපයක් ලැමිනේට් කර රාමු කිරීමට ජනාධිපති අරමුදලෙන් රුපියල් 9,260 ක් වැය කර ඇති බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

එම ඡායාරූපය ඇයගේ 2009 වසරේ සංචාරයක් සඳහා රැගෙන යාමට එලෙස සකස් කර තිබූ බව පැවසූ ඒ මහතා, ඡායාරූපයක් සඳහා වත් සිය පෞද්ගලික මුදල් වැය කිරීමට එකල පාලකයින් ක්‍රියා කර නොතිබූ බවද ප්‍රකාශ කළේය.

මීට අමතරව, 2014 වසරේ අප්‍රේල් 9 වන දින නාමල් රාජපක්ෂ මහතාගේ උපන්දිනය වෙනුවෙන් තංගල්ල කාල්ටන් නිවසේ පැවති පිරිත් පින්කමකට සහ කාල්ටන් පෙරපාසලේ පැවති අවුරුදු උත්සවයක් සඳහා රුපියල් 666,000 ක් වැය කර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය. එමෙන්ම, 2014 වසරේදීම ස්වාමීන් වහන්සේලාට අටපිරිකර රැගෙන යාම සඳහා තවත් රුපියල් 356,000 ක මුදලක් ලබාගෙන ඇති බවත්, එකල පාලකයින් පින් දහම් සිදු කරගෙන ඇත්තේ ද රාජ්‍ය මුදල්වලින් බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!