පාකිස්තාන කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩක නසීම් ෂා ගේ නිවසට වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ.
ඊයේ (10) අලුයම මෙම ප්‍රහාරය එල්ල කර ඇති අතර ප්‍රහාරකයින් නිවසේ ගේට්ටුවට වෙඩි තබා පලා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
එරට ආරක්ෂ අංශ විසින් වෙඩි තැබීම සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක කර ඇති බව සඳහන් වේ.
ප්‍රහාරයෙන් කිසිදු පුද්ගලයෙකුට හනියක් සිදුව නොමැති බව වාර්තා වේ.
කෙසේවෙතත් වේග පන්දු ක්‍රීඩක නසීම් ෂා අද (11) ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගය සඳහා සහභාගී වන බව පවසයි.
පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තරඟ තුනකින් යුත් එක්දින තරගාවලිය අද පාකිස්තානයේ රාවල්පින්ඩි හිදී ආරම්භ වීමට නියමිතය.
Source – Ada Derana







