BREAKING NEWS
Search

හිටපු මැති ඇමතිවරු 40කට වැඩ වරදින ලකුණු ?

844

 

 

(සුජිත් හේවාජුලිගේ)

හිටපු මැති ඇමතිවරුන් මෙන්ම වර්තමාන මන්ත්‍රීවරුන් ඇතුළු දේශපාලඥයන් හතළිහකට ආසන්න පිරිසක් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වත්කම් විමර්ශන කොට්ඨාසය එම දේශපාලනඥයන්ගේ බැංකු වාර්තා සහ වත්කම් බැරකම් ප්‍රකාශ ඇතුළු විවිධ වාර්තා පරීක්ෂා කිරීම ආරම්භ කර ඇත.

මේ සම්බන්ධයෙන් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගෙන් අප ඊයේ කළ විමසුමකදී ඔහු පැවසුවේ බොහෝ ලියැකියවිලි පරීක්ෂා කිරීමට ඇති හෙයින් මෙම විමර්ශන ඉතා සංකීර්ණවී අැති බවයි.

බැංකු ඇතුළු විවිධ අායතනවලින් වාර්තා රැසක් ලබාගෙන ඒවා පරීක්ෂා කිරීමට සහ තහවුරු කර ගැනීමට යම් කාලයක් ගතවන බවද හෙතෙම ප්‍රකාශ කළේය.

අයථා ලෙස වත්කම් ඉපයූ බව පැවසෙන දේශපාලනඥයන් සම්බන්ධයෙන් තවදුරටත් පැමිණිලි ගලා එමින් තිබෙන බවත් ලැබෙන සියලුම පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශන පවත්වන බවත් අමාත්‍යවරයා කීවේය.

මේ අතර විවිධ පාතාල කල්ලි සමඟ සබඳතා පැවැත්වූ බව පැවසෙන හිටපු මැති ඇමති පිරිසක් සම්බන්ධයෙන්ද පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත. ප්‍රසිද්ධ පාතාලකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී මෙම සබඳතා පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇත

Source – Lankadeepa




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!