හෝටන් තැන්නෙ අවුරුදු 12කට වතාවක් එන නෙළු මල් වසන්තය tourism event එකක් විදියට promote කරන්නෙ නැත්තෙ ඇයි කියල ගොඩ දෙනෙක් අහල තියෙනව දැක්කා. උත්තරය සරලයි සහ පැහැදිලියි. මේ ෆොටෝ වල තියෙන්නෙ ඒ උත්තරය.
හෝටන් තැන්න කියන්නෙ සංවේදී පරිසර පද්ධතියක්. නමුත් අපේ බහුතර සංචාරකයින් මේ පරිසර පද්ධතිය ගැන සංවේදී නෑ. අන්න ඒක තමයි හේතුව…
මිනිස්සු මේ දේවල් කරන්නෙ නොදැනුවත්ව කියල කාට හරි හිතෙනව නම්, මේ පින්තූර වල අන්තිමට තියෙන පින්තූරෙ බලන්න. හෝටන් තැන්නට ඇතුල් වෙන තැන් දෙකේම (පට්ටිපොල සහ ඔහිය පිවිසුම්) බොහොම පැහැදිලිව භාෂා තුනෙන්ම සංචාරකයින් නොකළ යුතු සහ නීති විරෝධී දේවල් මොනවද කියල හැමෝටම පේන්න සඳහන් කරල තියෙනවා. ඒ ඇරෙන්න තැන්න ඇතුලෙත් දිගටම දැනුවත් කිරීමේ පුවරු තියෙනවා. මේ වගේ වැරදි කරන්න එපා කියල ඕනෙ තරම් සමාජ මාධ්‍ය වල කතා කෙරෙනවා.
ඒ ඔක්කොමත් තිබිලා තමයි මේ පින්තූර වල තියෙන විදියෙ හැසිරීම් අපිට යන හැම වෙලාවකම දකින්න හම්බ වෙන්නෙ. ඉතින් කවුරු හරි හිතනව නම් නෙළු mass blooming එක ලොකුවට promote කරලා එන අයට ”අනේ වැරදි වැඩ නම් කරන්න එපා” කියල මේක ගොඩ දාන්න පුළුවන් කියලා, ඉක්මණටම මානසික වෛද්‍යවරයෙක් හම්බ වෙන එක තමයි සුදුසු…
ප.ලි. ඔය පළවෙනි පින්තූර දෙක පහුගිය ජුලි මාසෙදි මම ගත්තෙ. ඔය බයික් ටික තිබුණෙ ඔතෙන්ටත් ගොඩක් එහා කන්ද උඩ. පාරෙ ඉඳල මීටර් 50කටත් වඩා දුර ගිහින්. වනජීවී එකෙන් මෙයාලව අල්ලගෙන දඩ ගැහුවා. අනික් පින්තූර ටික නම් facebook එකෙන් ගත්තෙ. ඒවගෙ අයිතිය මුල් හිමිකරුවන් සතුයි.
-අයිතිය මුල් හිමිකරු සතුය-








