ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන එක්දින තරගාවලිය රෝහිත් ෂර්මාගේ අවසන් තරගාවලිය වෙයි කියලා ඉන්දීය X මාධ්‍ය වාර්තා කරනවා.
ඕස්ට්‍රේලියානු තරගාවලියෙන් පසු විශ්‍රාම ගන්නා ලෙස BCCI ඔහුට අවසාන නිවේදනයක් ලබා දී ඇති බවත් එසේ නොවුවහොත් ඔහු එක්දින තරගවලින් ඉවත් කරන බවත් සිය එක්දින නායකත්වයෙන් තමා ඉල්ලා අස්විය යුතු බවත් එසේ නොමැති නම් BCCI විසින් බලහත්කාරයෙන්ම නව නායකයෙක් පත් කරන බවත් එහි ඔවුන් සදහන් කරනවා.
කෙසේ නමුත් කෝලිට එවන් කිසිදු දෙයක් පවසා නොමැති බවත් විරාත් කෝලි ඔහු හොඳින් ක්‍රීඩා කරන තුරු ක්‍රීඩා කරනු ඇති බවත් ඉන්දීය X මාධ්‍යයේ සදහන්…
ඉන්දියාව මේ ලෑස්ති වෙන්නේ 2027 එක්දින ලෝක කුසලානයට,
ඒ වෙද්දී රොහිට්ගේ වයස අවුරුදු 40ක්…
ඒ වෙද්දී ඔහුගේ ෆෝම් එක මොන විදිහට තියෙයිද ? ප්‍රශ්නයක් ! ඒ නිසා මේ තීරණය BCCI ගත්තා වෙන්නත් පුලුවන්…
ඉතිං ඉන්දීය X මාධ්‍ය වාර්තා කරන මේ කතා ඇත්තක් වෙන්නත් පුලුවන්…!
ඔන්න රොහිට්ගෙන් පස්සේ මීලග නායකයා ගැනත් ඉඟියක් මේ වනවිට ලැබී අවසන්… ඉන්දීය මාධ්‍ය වාර්තා කරන විදිහට රොහිට්ගෙන් පස්සේ එක්දින නායකයා ලෙස ශ්‍රෙයාස් අයියර් නම් කිරීමට BCCI අවධානය යොමු වෙලා කියලත් ආරංචියි..!
කොහොම නමුත් ඉස්සරහට ඉන්දීය ක්‍රිකට් වල හොද හොද News ටිකක් වේවි…❤️👌
Written by – Rishie Bro







