BREAKING NEWS
Search

කුසලාන නොමැතිව නිම වූ ක්‍රිකට් පිටියේ සින්දූර් මෙහෙයුම

4168

පකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩල සභපති සහ ACC සභාපති මෝෂින් නක්වි ආසියානු කුසලානය ලබාදීමට සුදානම් වී සිටි නමුත් ඉන්දියානු කණ්ඩායම එම කුසලානය ඔහු අතින් ලබාගැනීම ප්‍රතික්ෂේප කිරීමත් සමග ඉන්දීය කණ්ඩායම කුසලානයක් නොමැතිව ජය සැමරුවා.

ඒ අනුව කුසලානයක් නොමැතිව ජය සැමරු එකම රට බවට ඉන්දියාව වාර්තා අතරට එක් වුනා… මේ අතර නැවතත් ඉන්දීය හමුදාව ගැන හඬ නැගූ ඉන්දීය නායක සූර්‍යකුමාර් යාදෙව් මෙවර ආසියානු කුසලාන තරගාවලියේ තමාගේ සියලුම තරග ගාස්තු හමුදාව වෙනුවෙන් ලබාදීමට සූදානම් බව ප්‍රකාශ කර තිබෙනවා.

එසේම ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය මේ ජයග්‍රහණය වෙනුවෙන් ඉන්දීය ක්‍රීඩකයින් සහ පුහුණු කාර්‍ය මණ්ඩලයට කෝටි 21ක මුදලක් ලබාදෙන බවට දන්වා තිබෙනවා.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!