BREAKING NEWS
Search

විනිසුරුවන් හය දෙනෙකුගේ වැඩ තහනම් කරයි..!

4656

 

අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් විවිධ අධිකරණවල විනිසුරුවරුන් 6 දෙනෙකුගේ වැඩ තහනම් කර ඇත. මෙම තීරණයට ප්‍රධාන හේතුව වී ඇත්තේ නඩු කටයුතුවලදී සාක්ෂි මෙහෙයවීමේදී සිදු වූ අඩුපාඩු කිහිපයකි.

වැඩ තහනම් කළ විනිසුරුවරුන් අතර, හිටපු මඩකලපුව මහේස්ත්‍රාත්වරයා, මොරටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ, මහියංගනය අතිරේක දිසා විනිසුරු සහ සේවා කාලයෙහි ආරම්භක අවධියේ සිටි තවත් මහේස්ත්‍රාත්වරුන් තිදෙනෙකු ද ඇතුළත් වේ.

අධිකරණ සේවා කොමිෂන් සභාවේ වත්මන් සභාපතිවරයා ලෙස අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන කටයුතු කරන අතර, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන එහි සාමාජිකයෙකි.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගාමිණී අමරසේකර විශ්‍රාම යාමෙන් පසු හිස් වූ සාමාජික තනතුර සඳහා මෙතෙක් කිසිවෙකු පත් කර නොමැත.

කොමිෂන් සභාවේ ලේකම්වරයා ලෙස මහාධිකරණ විනිසුරු ප්‍රසන්න අල්විස් කටයුතු කරයි.

Source – Lanka C News




Leave a Reply

Your email address will not be published. Required fields are marked *