BREAKING NEWS
Search

SLTB කාන්තා රියදුරු හා කොන්දොස්තරවරියන්ට ‘එයාර් හොස්ටර්’ පන්නයේ නිල ඇඳුම්

550

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) බස් රථ රියදුරු සහ කොන්දොස්තර තනතුරු සඳහා ඉදිරියේදී කාන්තාවන් ද බඳවා ගැනීමට නියමිත බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා ප්‍රකාශ කළේය. ගුවන් සේවිකාවන්ගේ නිල ඇඳුමට සමාන මට්ටමේ, නවීන පන්නයේ නිල ඇඳුමකින් සැරසී ඔවුන් සේවයට එක්වනු ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

 

 

මේ වන විට රියදුරන් 450 දෙනෙකු සහ කොන්දොස්තරවරුන් 300 දෙනෙකු බඳවා ගැනීම සඳහා සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන අතර, එම බඳවාගැනීම් සඳහා කාන්තා පාර්ශ්වය ද ඇතුළත් කර තිබේ. පළමු අදියර යටතේ, කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් ළමුන් ප්‍රවාහන සේවාවන් සඳහා කාන්තා රියදුරුවරුන් සහ කොන්දොස්තරවරියන් යෙදවීමට සැලසුම් කර ඇති අතර, අනතුරුව මෙම වැඩසටහන දිවයින පුරා ව්‍යාප්ත කිරීමට නියමිතය.

මෙම කාන්තා සේවිකාවන් සේවයේ යෙදවීමට ප්‍රථම, ඩිපෝ මට්ටමින් ඔවුන්ට අවශ්‍ය ආරක්ෂාව සහ සනීපාරක්ෂක පහසුකම් සම්පූර්ණයෙන්ම තහවුරු කිරීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.

ශ්‍රී ලංගම ආයතනයේ ප්‍රතිරූපය නවීකරණය කිරීමේ සහ එය තරුණ පරපුරට ආකර්ෂණීය සේවා ස්ථානයක් බවට පත් කිරීමේ අරමුණින්, නවක කාන්තා සේවිකාවන් සඳහා මෙම නව නිල ඇඳුම හඳුන්වා දෙන බව ද ඒ මහතා වැඩිදුරටත් හෙළි කළේය

Gossip Lanka News




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!