BREAKING NEWS
Search

ස්මාර්ට්ෆෝන් බැලීම පැය 02කට සීමා කරලා ? ජපානයෙන් ඇසෙන මේ කතාව මොකද්ද …

1539

 

 

සියලුම ස්මාර්ට්ෆෝන් භාවිත කරන්නන්ට රාජකාරි හෝ පාසල් කාලයෙන් අනතුරුව එය භාවිත කරන කාලය (Screen Time) පැය දෙකකට සීමා කිරීමට ජපානයේ නගරයක පරිපාලනය විසින් යෝජනාවක් කෙටුම්පත් කර තිබෙනවා.

දඬුවමක් පනවනු නොලබන මෙම යෝජනාව ගෙනැවිත් ඇත්තේ ජපානයේ ටොයෝක් නගරයේයි.

මෙම යෝජනාව ගෙනැවිත් ඇත්තේ එහි ජනතාවගේ මානසික සහ ශාරීරික සෞඛ්‍ය සැළකිල්ලට ගනිමින්.

ස්මාර්ට්‍ෆෝන් වැඩි කාලයක් භාවිත කිරීම නිසා නින්ද නොයාම, ආතතිය යන ගැටලුවලට බොහෝ දෙනා මුහුණදෙන බැවින් මෙම පියවර ගන්නා බව නගර පරිපාලනය පවසා තිබෙනවා.

මෙම යෝජනාව මගින් පාසල් සිසුන්ට රාත්‍රි 9න් පසු ස්මාර්ට්ෆෝන් භාවිතය තහනම් වනවා.

කෙසේවෙතත් එහි ඇතැමුන් චෝදනා කරන්නේ පැය දෙකක් වැනි කෙටි කාලයකට අඩුම තරමින් සිනමාපටයක් හෝ නැරඹීමටවත් එමගින් පොතක් කියවීමටවත් ‍නොහැකි බැවින් මෙය ප්‍රායෝගික නොවන බවයි.

Source – Hiru Gossip




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!