BREAKING NEWS
Search

මාමණ්ඩියගේ පිහි පහරින් බෑනා මරුට

129

දැරණියගල, මාලිබොඩවත්ත තේ කර්මාන්ත ශාලාව කොටසේදී මාමණ්ඩිය විසින් එල්ල කළ පිහි ප්‍රහාරයකින්, බෑණා ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඊයේ (20) පස්වරුවේ දෙදෙනා අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිගයාම හේතුවෙන් මාමණ්ඩිය විසින් මෙසේ තියුණු ආයුධයකින්  බෑනාට පහර දී ඇති බව වාර්තා වේ.

ඉන් බරපතළ තුවාල ලැබූ බෑනා, ප්‍රදේශවාසීන් විසින් එක්ව දැරණියගල දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කළ ද, ඒ වන විටත් ඔහු මියගොස් සිට ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ 33 හැවිරිදි එක්දරු පියෙක් වන අතර ඔහුගේ බිරිඳ මේ වනවිට රැකියා සඳහා විදේශගතව සිටින බව ද සඳහන්.

ඝාතනය සිදු කිරීමෙන් පසු මාමණ්ඩිය ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා දැරණියගල පොලීසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!