BREAKING NEWS
Search

අග්නිදිග ආසියාවේ එකම විකිරණශීලී ප්‍රභව විශේෂඥයා

545

අග්නිදිග ආසියාවේ එකම විකිරණශීලී ප්‍රභව විශේෂඥයා වන පොලිස් විශේෂ කාර්ය බළකායේ නියෝජ්‍ය අණ දෙන නිලධාරී (පාලන) ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අතුල දවුලගල මහතා ස්වකීය දශක හතරකට ආසන්න විශිෂ්ට සේවාවක් ඉටුකොට 2023 වර්ෂයේ ජුලී මස 30 වනදින විශ්‍රාම යන ලදී.�පුරා දශක හතරකට ආසන්න කාලයක් තම මාතෘ භුමියේ භෞමික අඛණ්ඩතාව සහ ස්වෛරීභාවය වෙනුවෙන් කැප කළ පොලිස් විශේෂ කාර්ය බළකායේ පුරාවෘත්තයක් බඳුය .

1984දී ආධුනික උප පොලිස් පරීක්ෂකයකු ලෙස පොලිස් දෙපාර්තමේන්තුවට බැඳුණු ඒ මහතා බ්‍රිතාන්‍යයේ යුද විශේෂඥයන් වන එස්. ඒ. එස්. වෙතින් පුහුණුව ලැබු කොළ හිස් වැසුම පලඳින අමෙරිකා එක්සත් ජනපදයේ නිෂ්පාදිත එම්. 16 නවීන අවිය අත දරන දකුණු ආසියාවේ විශිෂ්ටම අතුරු හමුදාවට එක්වීම සිය රාජකාරි දිවි සැරියේ හැරවුම් ලක්ෂය විය.සංග්‍රාම භූමියේ සතුරන්ට පන්න පන්නා පහර දෙන අතිවිශිෂ්ට රණසූරයකු වන ඒ මහතා එවකට එල්ටීටීඊ මුල් පෙළේ ඉලක්ක බවට ද පත් වූයේ ඒ වීරත්වය නිසාවෙනි. ප්‍රභු ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂඥයකු වන ඒ මහතා මෙරට විධායක ජනාධිපතිවරුන් පස්දෙනකුගේම ප්‍රධාන ආරක්ෂක නිලධාරීයා ලෙස සේවය කර ඇත.
කටුකුරුන්ද විශේෂ කාර්ය බළකාය පුහුණු පාසලේදී දෙස් විදෙස් ඇගයීමට ලක්වූ විශිෂ්ට පුහුණුකරුවකු ලෙස ප්‍රචලිතය. එමෙන්ම පුපුරණ ද්‍රව්‍ය සම්බන්ධයෙන් අමෙරිකා එක්සත් ජනපදයේ විශේෂ පුහුණුව ලැබු ඒ මහතා එම ක්ෂේත්‍ර‍ෙය් අතිවිශිෂ්ට දක්ෂතා දක්වන ලදි. අග්නිදිග ආසියාවේ එකම විකරණශීලී ප්‍රභව සම්බන්ධයෙන් විශේෂඥයා වන ඒ මහතා එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි සඳහා ද එක්වී ඇත. මෙ තමා විශේෂ කාර්ය බලකාය බබලපු අහීමානවත් නිලධාරින්.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!