විශේෂඥ වෛද්‍යවරුන් පෝලිමේ රට හැර යති… රට පුරා දහසක් හිගයි..
සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද වාර්තාවකට අනුව, පසුගිය වසරේ අප්‍රේල් මාසයේ සිට මේ වසරේ අප්‍රේල් මාසය දක්වා කාලය තුළ මෙරට සේවය කළ විශේෂඥ වෛද්‍යවරුන් 24 දෙනෙකු පමණ සිය සේවය අතහැර දමා ඇත.
මෙම තොරතුරු වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති, විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා විසින් තොරතුරු දැනගැනීමේ පනත යටතේ කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ කෘතික සත්කාර සේවා අධ්‍යක්ෂ ප්‍රියන්ත අතපත්තු මහතා විසින් නිකුත් කරන ලද වාර්තාවකින් තහවුරු වී ඇත.
මෙම වාර්තාවට අනුව, ශ්‍රී ලංකාවේ සේවය කළ යුතු විශේෂඥ වෛද්‍යවරුන්ගේ අනුමත සංඛ්‍යාව 3181 ක් වන අතර, දැනට සේවය කරන්නේ 2042 ක් පමණි. මෙම දත්ත මඟින් රට තුළ පවතින විශේෂඥ වෛද්‍ය හිඟයේ බරපතලකම මනාව පිළිබිඹු කරයි.
නිර්වින්දන වෛද්‍යවරුන්: දෙසීයක පමණ හිඟයක්
කායික විශේෂඥ වෛද්‍යවරුන්: 150 ක පමණ හිඟයක්
ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන්: 100 ක පමණ හිඟයක්
නාරි හා ප්‍රසව වෛද්‍යවරුන්: 100 ක පමණ හිඟයක්
ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්: 100 කට ආසන්න හිඟයක්
අධිකරණ වෛද්‍ය විශේෂඥවරුන් සම්බන්ධයෙන්ද සැලකිය යුතු හිඟයක් පවතින බව වාර්තාවේ සඳහන් වේ. රටට අවශ්‍ය අධිකරණ වෛද්‍ය විශේෂඥවරුන් 64 දෙනෙකුගෙන් දැනට සේවයේ නියුතු වන්නේ 41 දෙනෙකු පමණි.
කෙසේ වෙතත්, අස්ථි රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ තත්ත්වය යම් වෙනසක් පෙන්නුම් කරයි. අනුමත සංඛ්‍යාව 44 ක් වුවද, දැනට 64 දෙනෙකු සේවයේ නියුක්තව සිටීම විශේෂත්වයකි. එහෙත්, අස්ථි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන් 100 කට ආසන්න ප්‍රමාණයක් අවශ්‍ය වුවත් දැනට සේවය කරන්නේ 47 දෙනෙකු පමණි.
source – lanka C News







