BREAKING NEWS
Search

අප්‍රි­කාවේ යුද කලාපයේ සිටි එ.ජා. නිලධාරීන් දෙදෙනකුගේ දිවි ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් බේරා ගනී

908

මධ්‍යම අප්‍රි­කානු ජන­ර­ජයේ අති­ශය අස්ථා­වර සහ අන­තු­රු­දා­යක යුද කලා­ප­යක සිටි, තුවාල ලැබූ එක්සත් ජාතීන්ගේ නිල­ධා­රීන් දෙදෙ­නකු මුදා­ගෙන ඔවුන්ගේ ජීවිත බේරා­ගැ­නීමේ (CASEVAC) විශේෂ මෙහෙ­යු­මක් ක්‍රියා­ත්මක කිරී­මට ශ්‍රී ලංකා ගුවන් හමුදා ඒක­කය සමත්ව තිබේ.

සාම­සා­ධක රාජ­කාරි කට­යු­තු­වල නිරත ශ්‍රී ලංකා ගුවන් හමු­දාව එම මෙහෙ­යුම සාර්ථ­කව සිදු­කර තිබෙන අතර මධ්‍යම අප්‍රි­කානු ජන­ර­ජයේ සෙමියෝ (Zemio) ප්‍රදේ­ශයේ පැවැති සන්නද්ධ ගැටුම් අත­ර­තුර එක්සත් ජාතීන්ගේ කාර්ය මණ්ඩ­ලයේ දෙදෙ­නකු බර­ප­තළ තුවාල ලබා ඇති බවට ලද හදිසි පණි­වි­ඩ­යක් සමඟ මෙම මෙහෙ­යුම ආරම්භ කර තිබෙන බව ගුවන් හමුදා මාධ්‍ය අංශය පව­සයි.

වහා ක්‍රියා­ත්මක වූ ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩා­යම Mi-17 (UNO 325P) වර්ගයේ හෙලි­කො­ප්ටර් යාන­යක් ඒ සඳහා යොමු­කර තිබෙන අතර විංග් කොමා­න්ඩර් නෙල්සන් ද සිල්වා මහ­තාගේ නාය­ක­ත්ව­යෙන් සහ ෆ්ලයිට් ලෙෆ්ටි­නන්ට් අරු­ණෝද ඒක­නා­යක මහ­තාගේ සහාය නිය­මු­ව­රයා ලෙසින් ක්‍රියා­ත්මක වූ මෙම මෙහෙ­යු­මට තවත් නිල­ධා­රීන් සහ ගුවන් වෛද්‍ය කණ්ඩා­ය­මක් ඇතු­ළත්ව තිබේ.

මුදා­ගැ­නීමේ ස්ථානය සෙමියෝ මෙහෙ­යුම් මධ්‍ය­ස්ථා­නයේ සිට කිලෝ­මී­ටර් 20ක් ඊසාන දෙසින් පිහිටා තිබූ අතර, එහි දී ශ්‍රී ලංකා ගුවන් හමු­දා­වට අභි­යෝග රැස­කට මුහුණ දීමට සිදුව ඇත. ගෲප් කැප්ටන් සුජිත් පෙරේරා මහතා ඇතුළු ගුවන් වෛද්‍ය කණ්ඩා­යම යානය තුළ­දීම තුවා­ල­ක­රු­වන්ට අවශ්‍ය හදිසි ප්‍රති­කාර ලබා දී ඇති බව වාර්තා වෙයි.

පැය­කුත් විනාඩි 45ක කාල­යක් පුරා ක්‍රියා­ත්මක වූ මෙම මෙහෙ­යුම අව­සා­නයේ, තුවාල ලැබූ නිල­ධා­රීන් දෙදෙනා වැඩි­දුර ප්‍රති­කාර සඳහා බංගුයි අග­නු­වර වෙත ආර­ක්ෂි­තව රැගෙන ඒමට ද ශ්‍රී ලංකා ගුවන් හමු­දාව සමත්ව තිබේ.

Source – Dinamina (මහින්ද අලු­ත්ගෙ­දර)




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!