BREAKING NEWS
Search

ලංකාව ලෝක බැංකුවෙන් ලොකු ණයක් ගනී..

574

 

 

 

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ ශක්තිමත් කිරීම වෙනුවෙන් ලෝක බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 400ක මූල්‍ය පහසුකමක් ලබාගැනීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
2026-2028 කාලසීමාව ආවරණය වන පරිදි ක්‍රියාත්මක වන Programmatic Reform Development Policy Operation යටතේ මෙම අරමුදල් හිමිවීමට නියමිතය.

මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවකට අනුව මෙම අනුමැතිය ලබා දී ඇත.

මෙම නව මූල්‍ය පහසුකම ප්‍රධාන වශයෙන් දේශීය හා විදේශීය වෙළඳපොළ තුළ ශ්‍රී ලංකාවේ ආර්ථික තරඟකාරිත්වය ප්‍රවර්ධනය කිරීම,රාජ්‍ය මූල්‍ය කළමනාකරණය සහ විනිවිදභාවය තහවුරු කිරීම කෙරෙහි අවධානය යොමු කරයි.

ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණවලට සහාය වීම, ආර්ථික පාලනය විධිමත් කිරීම සහ තිරසාර ආර්ථික වර්ධනයක් ප්‍රවර්ධනය කිරීම මෙම මූල්‍ය පහසුකමෙහි මූලික අරමුණු බව රජය අවධාරණය කරයි.

lanka C news




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!