BREAKING NEWS
Search

3 වන ආසියානු යොවුන් ක්‍රීඩා උලළේදී ශ්‍රී ලංකාට පදක්කම් රැසක් – චමෝද්ට රන් පදක්කමක්

154

 

බහරේන් හිදී පැවැත්වෙන තුන්වන ආසියානු යොවුන් ක්‍රීඩා උලෙළේදී පැවැති මලල ක්‍රීඩා ඉසව් කිහිපයකින් ශ්‍රී ලංකාවට පදක්කම් කිහිපයක් දිනා ගැනීමට සමත්වූහ.

චමෝද් යෝධසිංහට රන් පදක්කමක්

දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ පිරිමි මීටර 100 ධාවන ඉසව්වේ රන් පදක්කම හිමිකර ගැනීමට චමෝද් යෝධසිංහ සමත් වුණි.

ඒ මිනිත්තු 10.30කින් තරගය අවසන් කරමිනි.

චතුර දුලාංජනගෙන් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක්

බහරේනයේ පැවැති 3 වන ආසියානු යොවුන් ක්‍රීඩා උලෙළේදී පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබේ.

ඒ චතුර දුලාංජන විසින් මීටර් 62.51 ක දුරක් වාර්තා කරමිනි.

ශානුක කොස්තාගෙන් ලෝකඩ පදක්කමක්

බහරේනයේ පැවති 2025 ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේ පිරිමි මීටර් 400 ඉසව්වෙන් තත්පර 47.72 ක කාලයක් වාර්තා කරමින් ශ්‍රී ලංකාවේ ශානුක කොස්තා ලෝකඩ පදක්කම දිනා ගත්තේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *