ආසියානු කුසලානය පරාදයි. ආසියාවේ දෙවෙනියට සාර්ථකම කන්ඩායම ලෙස තරගාවලියට ගිය අපි ගෙදර ආවේ සුපිරි 4 වටයේ එක් තරගයක්වත් දිනන්නේ නැතුව ඉන්දීය තරගය නිසා ගැලවෙන්නට ගිය රෙද්දත් යාන්තමට ගැටගසා ගනිමින්… ඔන්න දැන් ශ්‍රී ලංකා පුහුණු කාර්‍ය මණ්ඩලයේ වෙනසක් සිදු වෙලා තියෙනවා.
ඒ අනුව පිතිකරන පුහුණුකරු විදිහට පහුගිය කාලේ ලංකාවට ඇවිත් සතියක පමණ කාලයක් Power Hitting වැඩසටහනක් කරපු Julian Wood නම් කරලා තියෙනවා.
ලෝකේ Power Hitting වලටම කියලා පුහුණුකරුවන් හරි අඩුයි. ඒ අතරේ ජූලියන් වූඩ් කියන්නේ ලෝකෙම පිලිගත්ත Power Hitting Coach කෙනෙක්…
මෙයා එංගලන්ත කන්ඩායමේ Power Hitting හදන්න වගේම ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කන්ඩායම එක්ක සහ පසුගියදා බංග්ලාදේශ ක්‍රිකට් කන්ඩායම එක්කත් වැඩ කරලා තියෙනවා.
ඊට අමතරව IPL තරගාවලියේ පංජාබ් කන්ඩායම එක්කත් මොහු කටයුතු කරලා තියෙනවා. ඉතිං ඉස්සරහට එන විස්සයි විස්ස ලෝක කුසලානයත් ඉලක්ක කරගෙන වසරක පමණ සේවා කාලයකට මෙයාගේ සේවය අපි ගන්න යනවා කියලා තමයි කියන්නේ…
එතකොට අනිත් කෙනා දඟ පන්දු පුහුණුකරු Rene Ferdinands. මෙයා ලංකාවේ කොළඹ ඉපදිලා නවසීලන්තයේ ක්‍රිකට් හදාරපු PhD උපාධියක් පවා තියෙන කෙනෙක්… ජාත්‍යන්තර ක්‍රිකට් පුහුණු උපදේශක ආචාර්ය පදවියක් තියෙන කෙනෙක්…
පුහුණුකරුවෝ නම් මාරු වෙනවා. හැබැයි ලෝකේ මොන පුහුණුකරුවෝ ගෙනාවත් වැඩක් වෙන්නේ නෑ අපේ ක්‍රිකට් එකේ මුල හරියට නැත්නම්…
පාසලේ මළල ක්‍රීඩා කරන ළමයට කොට්ඨාස තරග ක්‍රීඩා කරලා එතැනින් කලාප තරග ක්‍රීඩා කරලා කලාප තරග වලින් දිස්ත්‍රික් තරග ක්‍රීඩා කරලා එතැනින් පලාත්,සමස්ත ලංකා තරග ක්‍රීඩා කරලා එතැනින් ජාත්‍යන්තර තරග ක්‍රීඩා කරන්න හැකියාව තියෙනවා.
හැබැයි ලංකාවේ මළල ක්‍රීඩාවට වඩා හැම අතින්ම ශ්‍රී ලංකා ක්‍රිකට් දියුණු වුනත් තාමත් ගමේ පාසලේ ළමයා ජාතික මට්ටමට ගේන්න ක්‍රමවත් වැඩපිළිවෙළක් නැ… ඇහින්දාස්ලා ආවොත් ඇරෙන්න…
ඉස්සර තිබුන පාසල් ක්‍රිකට් එක දැන් අපේ දුර්වල වෙලා තියෙයි. ලෝකේ ක්‍රිකට් වේගවත් වෙද්දී වර්තමානයේ ටෙස්ට් ක්‍රිකට් එක්දින තරග අභිබවා විස්සයි විස්ස ක්‍රිකට් වලට ලෝකයේම ඇස යොමු වෙද්දී අපි තාමත් විස්සයි විස්සට ක්‍රීඩකයින් හදන්නවත් පටන් අරන් නැ…
පාසල් ක්‍රිකට් පිටියේ දෙදින තරග එක්දින තරග ක්‍රීඩා කරාට ක්‍රමවත් විස්සයි විස්ස තරගාවලියක් ඒ පාසල් ක්‍රීඩකයින්ට නැ.. මීට අවුරුදු 10කට 15කට කලින් තිබුන ක්‍රිකට් එක නෙමෙයි දැන් තියෙන්නේ… ක්‍රිකට් එක වේගවත් වෙලා දියුණු වෙලා… හැබැයි අපි තාමත් අපේ විස්සයි විස්ස කන්ඩායමට ක්‍රීඩකයින් තෝරන්නේ අර පාසල් දෙදින තරග ක්ලබ් ක්‍රිකට් තුන්දින තරග ක්‍රීඩා කරලා එන ක්‍රීඩකයින්ගෙන්…
පාසල් කාලය තුල අධ්‍යාපනය සහ ක්‍රීඩාව යන විශයන් දෙකම සමබර කිරීමේදී ක්‍රමවත් පාසල් විස්සයි විස්ස තරගාවලියක් පාසල් කාලයේ පවත්වන්න බැරි නම් අඩු තරමින් පාසලෙන් එළියට එන ක්‍රීඩකයින්ට ක්‍රීඩා කරන්න පුලුවන් ක්‍රමවත් විස්සයි විස්ස තරගාවලියක් අවශ්‍යයි. මේක මං කියන දෙයක් නෙමෙයි. ක්‍රිකට් ප්‍රවීණයෙක් වෙන රොශාන් අබේසිංහ වැනි චරිතත් කියන දෙයක්…
එතැනින් ගියහම ඩොමැස්ටික් ලෙවල් එක තියෙන්නේ හුඟාක් පහල තැනක… පාසල් වලින් එලියට එන ක්‍රීඩකයින් දිස්ත්‍රික්ක මට්ටමින් පළාත් මට්ටමින් ජාතික තලයට ගේන සිස්ටම් එකක් හදන්න ඕනි.තවමත් ඩොමැස්ටික් තණතීරු සකසන්නේ 1980 ගණන් වල ක්‍රිකට් එකට ගැලපෙන විදිහට…
එහෙම එලියට එන ප්ලෙයර්ස්ලාගෙන් තමයි අපි 2025ට ගැලපෙන ක්‍රීඩකයින් තෝරන්නේ… හැබැයි අද ජාත්‍යන්තර තලයේ අපි ගහන හැම මැච් එකටම ප්‍රේමදාස ග්‍රවුන්ඩ් එක අරන් යන්න බැ…
ක්‍රීඩක කළමනාකරණයක් ඇත්තෙම නැ… අපේ ක්‍රීඩකයින් ඇත්තටම දක්ෂයි. මේ තරම් දුර්වල ඩොමැස්ටික් එකක් තිබිලත් තාමත් පැතුම්ලා වගේ ක්‍රීඩකයින් ඒ ඩොමැස්ටික් එකෙන්ම බිහි වෙන්නේ ඒ නිසයි. හැබැයි හැම ප්ලෙයර් කෙනෙක්ටම All Format ගහන්න බැ.. එහෙම පුලුවන් අයත් ඇති . බැරි අයත් ඇති.. හැබැයි අපි Talent Base ප්ලෙයර්ස්ලා හදන්නේ නැ… ප්ලෙයර්ස්ලා හිටියත් Talent Base ප්ලෙයර්ස්ලා තෝරන්නේ නැ… එකක ගැහුවොත් ඌව ගස්සන්න පුලුවන් සේරම ෆෝමැට් ගස්සලා ඌව කාලා හප කරලා තමයි නවතින්නේ.. මෑතකදී සදීර එහෙම කෙනෙක්… හොඳම උදාහරණය පසුගිය ආසියානු කුසලානයට ආදේශ වුනු ජනිත් ලියනගේ… ආසියානු කුසලානය ඉලක්ක කරගෙන ක්‍රීඩකයින් හොයපු SLC T20 ලීගයේවත් ජනිත් ක්‍රීඩා කරේ නැ… හැබැයි අන්තිමට එක්දින තරග වල දක්ෂතා මත විකල්පයක් නැති වුන තැන ජනිත්ට කතා කරන්න වුනා. ඒ වුනේ කෙනෙක් නැති නිසා මිසක් වෙන හේතුවක් නිසා නෙමෙයි. ඉතිං Talent Base ක්‍රීඩකයින් හදන්නේ නැතුව මේ ක්‍රිකට් ඉස්සරහට යන්නේ නැ…
අපේ තේරීම් ඒ තරම් පහලට වැටිලා නම් තාමත් ඉන්න ක්‍රීඩකයින් කිහිපදෙනා මත පමණක් යැපිලා තරග ජයග්‍රහණ ගැන හිතනවා නම් ලෝකේ සෑම රටක්ම Rest & Rotation Policy එක හරියට පාවිච්චි කරලා ඔවුන්ගේ රටේ දෙවෙනි පෙල ක්‍රීඩකයින්ට ජාත්‍යන්තර අත්දැකීම් දීලා ජාත්‍යන්තර තලයට සූදානම් කරනවා නම් හැබැයි අපි තාමත් ඉන්න ක්‍රීඩකයින් මත යැපිලා ක්‍රීඩකයෙගේ දෙන්නෙක්ගේ පොඩි වෙනසක් කරලා ඒකත් ඉන්න ක්‍රීඩකයෙක් අසාර්ථක වුනොත් හෝ ආබාධ වුනොත් ඒ ගේන අලුත් එකාගෙන් වැඩක් ගන්න බලන් ඉන්නවා නම් ලංකාවේ දේශපාලනේ වගේ ඔලු ගෙඩි ටික විතරක් මාරු කරලා මේ ක්‍රිකට් එක කවදාවත් හදන්න බැ…
අලුත් පුහුණුකරුවෝ දෙන්නා ඇත්තටම ඔවුන්ගේ වෘත්තීයමය ජීවිතේ දක්ෂයෝ දෙන්නෙක්… ඒ පුහුණුකරුවන් ගැන කිසිම ප්‍රශ්නයක් නැ… අපේ ක්‍රිකට් එකට හොද දෙයක් වෙනවා නම් ප්‍රේක්ෂකයන් ලෙස අපේ පැතුමත් ඒකමයි.
හැබැයි අලුතින් කෝචිං ස්ටාෆ් එක මාරු වුනා කියලා මේ ක්‍රිකට් එක වෙනස් වෙන්නේ නැ… හැමදාම ලොකු තරගාවලියක් කාලා ආවට පස්සේ මොනවා හරි වෙනස් කරලා ෆෑන්ස්ලා චූන් කරනවා. හැබැයි මේ ක්‍රිකට් එකේ දියුණුවක් නැ… අන්නේකයි උඩ ලිව්වේ මේකත් හරියට අපේ දේශපාලනේ වගේ කියලා..
ඉතිං දැන්වත් මේ ක්‍රිකට් එක වෙනුවෙන් ක්‍රමවත් කෙටි කාලීන සහ දිගුකාලීන වැඩපිළිවෙළක් අවශ්‍යයි. එහෙම නැත්නම් හැමදාම එදා වේලා ටුවර් තමයි. ඉතිං පුහුණුකරුවෝ වෙනස් කරනවාට වඩා පාසල් මට්ටමේ ඉදන් මේ ක්‍රිකට් එකේ හැදෙන්න තැන් තියෙයි. ඒ දේවල් හැදුනොත් ආයෙමත් අපිට ලෝක කුසලානයක් හීනයක් නොවෙයි.
අරවින්දලා සනත්ලා සංගලා මහේලලා ගහපු අපේ පරණ ක්‍රිකට් දැකපු ශ්‍රී ලාංකීය ක්‍රිකට් ප්‍රේක්ෂකයන් ලෙස අපි බලාගෙන ඉන්නේ ඒ දවස ඉක්මනින්ම උදා වෙයි කියන පරම පිවිතුරු චේතනාවෙන්…❤️🙏
✍️ | Rishie Bro