එක්සත් රාජධානියේ පුද්ගලයෙකු පිදුම් ලැබිය හැකි ඉහළම සම්මානයක් වන නයිට් පදවියකින් පිදුම් ලැබීමට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත මහාචාර්ය්‍යවරයෙකු වන මහාචාර්ය නිෂාන් කනගරාජා මහතා සමත්වී තිබෙනවා. III වන චාල්ස් රජතුමා විසින් නව වසර වෙනුවෙන් පිරිනමනු ලබන සම්මාන ලයිස්තුව වෙනුවෙන් මහාචාර්ය්‍ය කනගරාජා මහතා තෝරාගෙන ඇති අතර උසස් අධ්‍යාපනය වෙනුවෙන් ඔහු කල විශේෂ සහ අමිළ දායකත්වය වෙනුවෙන් උතුමාණන් විසින් ඔහුට මෙම නයිට්වරය පිරිනමා තිබෙනවා.
මහාචාර්ය නිෂාන් කනගරාජා මහතා ශ්‍රී ලංකාවේ උපත ලබා එහි අධ්‍යාපනය හදාරා පසුව සිය උසස් අධ්‍යාපනය සදහා එක්සත් රාජධානියට සංක්‍රමණය වී ඇති අතර ඔහු එංගලන්තයේ කෙම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයෙන් සිය පශ්චාත් උපාධිය හා ආචාර්ය්‍ය උපාධිය සම්පූර්ණ කර ඇත. පසුව බ්‍රිස්ටල් විශ්ව විද්‍යාලයේ සහාය දේශකයෙකු ලෙස සිය වෘත්තීය ජීවිතය ඇරඹූ මහාචාර්ය්‍යවරයා පසුව එක්සත් රාජධානියේ වඩාත් විවිධාංගීකරණයට ලක්වූ ලෙස්ටර් විශ්ව විද්‍යාලයේ පළමු සුළු ජාතික උපකුළපතිවරයා බවට පත්ව තිබේ.
එතැන් පටන් මහාචාර්‍ය කනගරාජා මහතා සැමට අධ්‍යාපනයට ඇති අයිතිය වෙනුවෙන් විශාල වැජකොටසක් සිදුකර ඇති අතර ඔහු එම කල සේවය වෙනුවෙන්ම ප්‍රජාව වෙනුවෙන් කල අමිල සේවය වෙනුවෙන් වූ ශීර්ෂය යටතේ නයිට් පදවිය පිරිනමා ඇත. යම් පුද්ගලයෙකුය නයිට් නාමය බ්‍රිතාන්‍ය කිරීටය විසින් පිරිනමනු ලබන අතර එය බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාගේ හෝ ජේශ්ඨ අමාත්‍යවරුන්ගේ නිර්දේශ මත පදනම් වේ. සෑම වසරකම නව වසර උදාව වෙනුවෙන් සහ උතුමාණන්ගේ නිළ උපන්දිනය වෙනුවෙන් මෙලෙස සම්මාන පුදකරනු ලැබේ.
මහාචාර්ය්‍ය කනගරාජා මහතාට හිමි නයිට්වරය ඔහු විසින් තෝරාගන්නා දිනකදී බ්‍රිතාන්‍යයේ රජු විසින් හෝ ඔටුන්න හිමි වේල්ස් කුමරු විසින් බකිංග්හැම් මාළිගයේදී හෝ වින්සර් මාළිගයේදී පැවැත්වෙන ගාම්බීර් උත්සවයකදී පිරිනමනු ලබන අතර එතැන් සිට ඔහුගේ නම ඉදිරියේ “සර්” යනුවෙන් භාවිතා වනු ඇත.
Thilan ජයසේකර







