BREAKING NEWS
Search

සිග්නල් නැති ඩයලොග්, මොබිටෙල් වලට හුලං – ස්ටාර්ලින්ක් රටපුරා විකිණීම අරඹයි.!

3062

ස්ටාර්ලින්ක් චන්ද්‍රිකා අන්තර්ජාල සේවාවට අදාළ උපකරණ සඳහා ශ්‍රී ලංකාවේ නිල බෙදාහරින්නා ලෙස සිංගර් ශ්‍රී ලංකා පීඑල්සී පත් කර ඇති බව වාර්තා වේ.

සිංගර් නිල ෆේස්බුක් පිටුවෙහි මේ පිළිබඳව ඉඟි පළ කරමින් සටහනක් පළ වී ඇති අතර, ඉතා ඉක්මනින් මේ සම්බන්ධයෙන් නිල නිවේදනයක් නිකුත් කිරීමට නියමිත බව ආරංචි මාර්ග සඳහන් කරයි.

සිංගර් යනු, කෝටිපති ව්‍යාපාරිකයෙකු වන ධම්මික පෙරේරා මහතා පාලක කොටස් හිමිකාරීත්වය දරන හේලීස් සමූහයට අයත් ලැයිස්තුගත සමාගමකි.

ස්ටාර්ලින්ක් පෘථිවියට ආසන්න කක්ෂයක ස්ථානගත කර ඇති චන්ද්‍රිකා දහස් ගණනකින් සමන්විත අධිවේගී අන්තර්ජාල පද්ධතියකි.

මෙම තාක්ෂණය සාම්ප්‍රදායික ෆයිබර් ඔප්ටික් කේබල්වලට වඩා වේගයෙන් දත්ත හුවමාරු කිරීමේ හැකියාවෙන් යුක්ත වේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!