BREAKING NEWS
Search

උණවටුනෙන් මතු වූ පැහැරගත් බව කියන වැලිගම මන්ත්‍රී දෙපලගෙන් මාධ්‍යයට ප්‍රකාශයක්…

573

වැලිගම ප්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේගයේ අජිත් ප්‍රියන්ත සහ කමනි අල්විස් යන සභිකයින් දෙදෙනා පළමු වරට මාධ්‍යට ප්‍රකාශයක් ලබාදී තිබෙනවා.

ඒ අනුව සිද්ධිය ඇසින් දුටු බව පවසමින් මීට පෙර මාධ්‍ය වෙත අදහස් පළ කළ කාන්තාව මෙම පැහැර ගැනීම සම්බන්ධයෙන් පෙර සිටම දැන සිට තිබූ බවට සැක මතුවන බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් කමනි අල්විස් සඳහන් කළේ.

සිද්ධියට මුහුණදුන් අජිත් ප්‍රියන්ත නැමති මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ, තමන්ට ඇති වූ බිය හේතුවෙන් අදාළ පිරිසට තමන් සහ මන්ත්‍රීවරිය යට‍ත්වී ඔවුන් සමඟ සාමකාමීව ගිය බවයි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් මීට පෙර වැලිගම ප්‍රදේශීය සභාවේ විපක්ෂ මන්ත්‍රීවරුන් මාධ්‍ය හමුවක් කැඳවා තිබූ අතර එහිදී චෝදනා කළේ, ජාතික ජනබලවේගය විසින් මෙය සැලසුම් සහගතව සිදු කර ඇති බවයි. එසේම එම මාධ්‍ය හමුවට සිද්ධිය ඇසින් දුටු බවට සඳහන් කාන්තාවක්ද පැමිණ ප්‍රකාශයක් ලබාදී තිබුණා.

 

Source – එසැණ




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!