BREAKING NEWS
Search

තොරොම්බල් වාහන වලට හෙට සිට නීති තද වෙයි

3659

විවිධ නාද රටා සහිතව ධාවනය කරන වාහන, විවිධ වර්ණවලින් යුත් දැල්වෙන විදුලි පහන්, නීති විරෝධී සවිකිරීම්, ඝෝෂාකාරී හෝන්, ඝෝෂාකාරී සයිලන්සර් සහ අනතුරුදායක ලෙස සවිකර ඇති අමතර කොටස් සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.

මෙම නීතිය හෙට (08) සිට දැඩිව ක්‍රියාත්මක කරන බවත්, දිවයින පුරා පොලිස් නිලධාරීන් පරීක්ෂා කිරීම් සිදුකරන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ඔහු සිය ෆේස්බුක් සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් මේ බව නිවේදනය කළේය.

Source – dasatha Lanka News




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!