BREAKING NEWS
Search

බයික් එකේ පැටලී කැඩී වෙන්වූ කාන්තා පාද කොටස රැගෙන ගොස් කැලේට විසිකළ සිසුවා

17413

යතුරුපැදි අනතුරකින් කාන්තාවකගේ පාදයක් සිරුරෙන් වෙන්ව ගිය පසු, එම පාදය ද සමඟ යතුරුපැදිය පැදවූ බව කියන 15 හැවිරිදි පාසල් සිසුවෙකු අක්මීමන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අනතුරෙන් පසු යතුරුපැදිය නොනවත්වා නිවසට පැමිණ, එහි පැටලී තිබූ පාද කොටස රෙදි කැබැල්ලකින් ඔතා කැලෑවක සඟවා ඇති බවට ඔහුට චෝදනා එල්ල වී ඇත.

 

මෙම දරුණු අනතුරින් සිය දකුණු පාදය අහිමි වී ඇත්තේ අක්මීමන, හපුගේ වත්ත ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි කාන්තාවකි. ඇය මේ වන විට ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන අතර, පාද කොටස රෝහල වෙත රැගෙන ඒමේදී සිදු වූ ප්‍රමාදය හේතුවෙන් එය නැවත බද්ධ කිරීමට නොහැකි බව වෛද්‍යවරුන් ප්‍රකාශ කර තිබේ.

හිමිදුම්ගොඩ පාසල අසලදී මෙම කාන්තාව මාර්ගයේ රැඳී සිටියදී, වේගය පාලනය කරගත නොහැකිව පැමිණි යතුරුපැදිය ඇයගේ පාදයේ ගැටී ඇත. අනතුරත් සමඟ පාදය සිරුරෙන් වෙන් වී යතුරුපැදියේ පැටලී ඇති අතර, සැකකාර සිසුවා එම ස්ථානයෙන් පළා ගොස් නිවසට පැමිණ එය සඟවා ඇති බව පොලීසිය පවසයි.

අනතුර දුටු ප්‍රදේශවාසීන් සැකකාර සිසුවාගේ නිවස සොයා ගොස් සිදුකළ විමසීමකදී, කැලෑවේ සඟවා තිබූ පාද කොටස සොයාගෙන රෝහල වෙත භාර දී තිබේ. පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, මෙරට සංචාරයක නිරත විදේශිකයෙකු විසින් මෙම යතුරුපැදිය කුලී පදනම මත සැකකරුට ලබා දී ඇති බවයි. අක්මීමන පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Gossip Lanka News




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!