BREAKING NEWS
Search

මේස පන්දු ලෝක ශූරතා දෙකක් ජයගත් ටාවි සමරවීර දිවයිනට

1188

 

 

වයස අවුරුදු 11න් පහළ ලෝක ශ්‍රේණිගත කිරීම් මේස පන්දු තරගාවලි දෙකක් ජයගත් ටාවි සමරවීර අද (26) අලුයම දිවයිනට පැමිණ තිබේ.

ඔහු ඕමානයේ මස්කට් නුවර සිට සලාම් එයාර් ගුවන් සේවයේ OV- 437 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.

ටාවි සමරවීර ජනවාරි මස 14 වැනිදා සිට 18 වැනිදා දක්වා බහරේන්හි පැවැති තරගාවලිය ජයගනිමින් එහි රන් පදක්කම දිනාගැනීමට සමත්විය.

එමෙන්ම කටාර් රාජ්‍යයේ දෝහා නුවර ජනවාරි 19 වැනිදා සිට 25 වැනිදා දක්වා පැවැති ලෝක කනිෂ්ඨ මේස පන්දු තරගාවලියේ වයස අවුරුදු 11න් පහළ අංශයේ රන් පදක්ම ද ඔහු දිනගත්තේය.

තවමත් 10 හැවිරිදි වියේ පසුවන ටාවි සමරවීර කොළඹ, ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ 06 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යයෙකි.

ටාවි සමරවීරගේ පුහුණුකරු ලෙස ඔහුගේ පියා වන හසිත සමරවීර කටයුතු කරයි.

ඔහු වයස අවුරුදු 11න් පහළ මේස පන්දු ක්‍රීඩක ලෝක ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානයේ පසුවීමත් විශේෂත්වයකි.

ada derana




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!