BREAKING NEWS
Search

වැඩිවෙන විනාඩි 30ට අපිට වැඩිපුර පඩි දෙන්න – ගුරුවරු සැර දායි

1436

 

පාසල් පැවැත්වෙන කාලසීමාව විනාඩි 30කින් දීර්ඝ කිරීම පිළිබඳ රජය පියවර ගන්නේ නම්, එය ගුරුවරුන්ට අමතර රාජකාරි හා වගකීම් බරක් වෙන බවත්, එයට සරිලන ලෙස වැටුප් වර්ධනයක් ලබාදිය යුතු බවත් ලංකා ස්වාධීන ගුරු සේවා සංගමය අවධාරණය කරයි.

මෙම යෝජනාව සම්බන්ධයෙන් අදහස් දැක්වූ සංගමයේ ප්‍රධාන ලේකම් චන්දිමාල් විජේරත්න මහතා පැවසුවේ,

“විනාඩි 30ක කාලයක් දිගු වීමෙන් දින 20ක් යන මාසික සේවා කාලයට පැය 10ක අමතර සේවයක් එකතු වේ. එය ගුරුවරුන්ගේ වැටුපට සෘජුව බලපාන ප්‍රවණතාවයක්” යන්නයි.

අදාළ යෝජිත වැඩපිළිවෙල මගින් ඉගැන්වීම් කාලය දිගු වුවද, එයට සමාන්තරව ගුරුවරුන්ගේ වැටුප සාධාරණව වැඩි කළ යුතු බවද, එය අධ්‍යාපන අමාත්‍යාංශය ගුරු වෘත්තීය සමිති සමඟ සාකච්ඡා කරමින් ක්‍රියාත්මක කළ යුතු බවද විජේරත්න මහතා අවධාරණය කළේය.

source – asian mirror




Leave a Reply

Your email address will not be published. Required fields are marked *