BREAKING NEWS
Search

බම්බලපිටිය තායි සම්බාහනේ අල්ලයි

1456

වසර ගණනාවක් පුරා ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක මුවාවෙන් පවත්වාගෙන ගිය සුඛෝපභෝගී ගණිකා මධ්‍යස්ථානයක් බම්බලපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් වටලා තිබේ. මෙම වැටලීමේදී එහි කළමනාකරු සහ සේවයේ නිරතව සිටි තායිලන්ත ජාතික කාන්තාවන් නව දෙනෙකු ඇතුළු දස දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

 

අත්අඩංගුවට පත් තායිලන්ත ජාතික කාන්තාවන් අවුරුදු 32ත් 45ත් අතර වයස්වල පසුවන්නන් බව පොලිසිය පවසයි. මෙම ස්ථානය විදේශීය ජාතිකයන් ඉලක්ක කරගනිමින් පවත්වාගෙන ගොස් ඇති අතර, එක් කාන්තාවක් සඳහා රුපියල් පහළොස් දහසක මුදලක් අයකර ඇති බවට තොරතුරු ලැබී තිබේ. එක් කාන්තාවක් දිනකට රුපියල් ලක්ෂයකට ආසන්න ආදායමක් උපයා ඇති බවද විමර්ශනවලදී හෙළිවී ඇත.

කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ පොලිස් නිලධාරියෙකු ඉන්දියානු ජාතිකයෙකු ලෙස වෙස්වලාගෙන, උපාය දූතයෙකු ලෙස මෙම ස්ථානයට ගොස් සිදුකළ වැටලීමකදී මෙම ජාවාරම පිළිබඳ තොරතුරු තහවුරු කරගෙන සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් කළමනාකරු සහ තායිලන්ත ජාතික කාන්තාවන් පිරිස වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කුරුඳුවත්ත පොලිසිය වෙත භාරදී ඇති අතර, ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

Source – Gossip Lanka News




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!