BREAKING NEWS
Search

පොතුවිල්වල උපන් ඇඳුමෙන් ගිය තායි කතට වසර පහක අත්හිටවූ සිරදඬුවමක්

4204

(ඩී. ඥානසිරි හෙට්ටිආරච්චිගේ)

පොතුවිල් සංචාරක කලාපයක් වන ආරුගම්බේ ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයක උඩුකය නිරුවත්ව, අඩනිරුවතින් ගමන්ගත් තායි ජාතික කාන්තාවට මාස එක හමාරක සිරදඬුවමක් නියම කළ පොතුවිල් මහේස්ත්‍රාත් ඒ. එල්. එම්. හිල්මි මහතා වසර පහකට අත්හිටවන ලෙස නියම කළේය.

ප්‍රධාන මාර්ගයක අවිනීත හැසිරීම සහ මහජන හිංසාව, යන චෝදනා යටතේ අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු වරද පිලිගත් බැවින්, පළමු චෝදනාවට සති දෙකක සිර දඩුවමක් ද දෙවන චෝදනාවට මාස එකක සිර දඬුවමක් නියම කළේය. එම දඬුවම් වසර පහකට අත්හිටුවීමට නියෝග කළේය.

මෙලෙස දඬුවම් නියමවූයේ ශ්‍රී ලංකාවේ සංචාරයක් සදහා පැමිණ සිටි තායිලන්ත ජාතික 26 හැවිරිදි රත්නමානි නපාට් සෝන් නැමැති කාන්තාවකටය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!