BREAKING NEWS
Search

චිචීගේ රොකට්’ චෝදනාවෙන් අප නිදොස් කර නිදහස් කලාට ස්තුතියි.. ඉතුරු ටිකත් එසේ කරන්න..- නාමල්

672

තම සහෝදරයාගේද සහභාගීත්වයෙන් ගුවන් ගත කරන ලද චන්ද්‍රිකාව සම්බන්ධයෙන් ආණ්ඩුවට ස්තූතිවන්ත වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

ඒ ආකාරයෙන්ම ඉතුරු ටිකද සොයාගන්නා ලෙසද ඔහු ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.

ඔහු මෙම අදහස් පළ කළේ රෝහිත රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් 2012 වසරේදී ගුවන්ගත කරන ලද චන්ද්‍රිකාව සම්බන්ධයෙන් ඊයේ දිනයේ පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍යවරිය කරන ලද ප්‍රකාශයෙන් අනතුරුවයි.

අග්‍රාමාත්‍යවරිය පාර්ලිමේන්තුවේ දී පැවසුවේ අදාළ චන්ද්‍රිකාව ගුවන්ගත කිරීම සඳහා ශ්‍රී ලංකා රජය කිසිදු මුදලක් වියදම් කර නොමැති බවයි.

එම චන්ද්‍රිකාව මගින් මේ වන විටත් ශ්‍රී ලංකාවට ආදායම් ලැබෙමින් ඇති බවද ඇය එහිදී සඳහන් කළාය.

Lanka C News




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!