BREAKING NEWS
Search

රටම සංවේදී කරමින් කරමින් සිදුවූ ඇල්ල අනතුර ගැන ලියවූ ඒ සංවේදී සටහන…

4468

උදව් ඕනෙ කිව්වා.. ගාල කඩාගෙන එතනට එකතු වුනා..
ප්‍රපාතෙ ගැඹුරුයි කිව්වා.. කඹ දාගෙන පල්ලම බැස්සා..
තුවාල මිනිස්සු උඩට අරන් යන්න බැ කිව්වා.. ගල් පෙරලගෙන කඹ දිගේ උඩට ඇද්දා..
ලයිට් නැ කලුවරයි කිව්වා..දුර ඉදන් ෆ්ලැශර් පවා ගහන්න ගත්තා…

අන්තිමට මැරුණු මිනිස්සුන්ගේ මිනිය තමන්ගෙ කරේ එල්ලගෙන උඩට එනවා..

මේ දූපත දාල යන්න නොහිතෙන හේතුව මොකක්ද කියල මගෙන් කෙනෙක් ඇහුවොතින් මුලින්ම මතක් වෙන හේතුව තමයි මේ….
මරණෙදිවත් අත් හරින්නෙ නැති ලංකාවෙ ආදරණීය මිනිස්සුන්ගෙ මනුස්සකම 💚❤

බලන්න මේ ඉන්න දහස් ගානක් මිනිස්සු මේ මොහොතෙ මොනවා බලාපොරොත්තුවෙන්ද මේ ඇවිත් ඉන්නෙ
🫵 ඒ උඹලගේ ලේ වල තියෙන හයියම මනුස්සකම 🙏

අඩි 500ක් පහළ, තනියමවත් පහළට බහින්න අමාරු බෑවුම්, සර්පයෝ එළි බහින වෙලාවක්, පොද වැස්ස, මහ කළුවර, ලඟා වෙන්න හිතන්නවත් අමාරු තැනක…
එකින් එක යකඩ ඉවත් කරමින් ජීවිත බේරගන්න ඔට්ටු වෙන හයිය හිත් තියෙන මිනිස්සුනේ නුඹලා කාටවත් කරදරයක් නම් වෙන්න එපා!! 🙏

එහෙව් මනුස්සකම වෙනුවෙන් මිනිසුන් බේරා ගැනීමට ගොස් ජීවිත අවදානමද පසෙකලා ක්‍රියාකල දිවි පිදූ දේශහිතෛෂී මානුෂීය විරුවානෙනි… ඔබ මනුස්සකමේ නාමයෙන් අමරණීය වනු ඇත…

බස් රථයේ ගමන් ගත් මිය ගිය මගීන් සැමටම උතුම් නිවන් සුවය ලැබේවා..! 🙏
තුවාල ලැබූ ආදරණීය ලාංකීය පුත්‍රයිනි ඉක්මන් සුවයම ලැබේවා… 🙏

Copied




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!