ඉන්දීය සිනමාව තුළ නොමැකෙන මතක එක්කළ ඇය ගැන ඇසෙන්නේ මේ තවත් එක් විශේෂ කතාවක්.
ඒ රුව වගේම ඒ හඬත් දැන් ගොඩක් ප්‍රසිද්ධයි කියලා මේ කතාව ඇසූ සැනින් ඔබටත් හිතේවි.
ඉන්දීය සිනමා නිළි දීපිකා පදුකෝන් (Deepika Padukone), රටවල් ගණනාවක් සඳහා Meta AI හි නව හඬ බවට පත් වී ඇති බව නිවේදනය කර තිබෙනවා. ඇය සමාජ මාධ්‍ය හරහා වීඩියෝවක් නිකුත් කරමින් මෙම නව සහයෝගීතාවය ප්‍රකාශයට පත් කළා.
ඒ ගැන ඇයගේ Instagram හි මෙවැනි සටහනක් එක්කර තිබුණා.
“හරි, මම හිතන්නේ මෙය හරිම අපූරුයි! මම දැන් Meta AI හි කොටසක් වන අතර ඔබට ඉන්දියාව, එක්සත් ජනපදය, කැනඩාව, එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය යන රටවල් පුරා මගේ හඬින් ඉංග්‍රීසියෙන් කතාබස් කිරීමට පුළුවන්. මෙය උත්සාහ කරලා බලලා ඔබට හිතෙන දේ මට කියන්න!”
මෙම නව ව්‍යාපාරය පිළිබඳව ඇය තම සතුට පළ කර ඇති අතර, මෙමගින්, බහුජාතික පරිශීලකයින්ට Meta AI සමඟ සංවාදයේ යෙදීමට දීපිකා පදුකෝන්ගේ හඬ භාවිතා කිරීමේ අවස්ථාව හිමි වෙනු ඇතියි.