BREAKING NEWS
Search

චෝදනාව එල්ල වුණේ ඔහු වෙතටයි.. හොලිවුඩ් අධ්‍යක්ෂ සහ ඔහුගේ බිරිඳ ඝාතනයට පුතා අත්අඩංගුවට..

331

 

මේ කියන්න යන්නේ මේ ගෙවෙන මොහොත වන විටත් විදෙස් මාධ්‍ය කැළඹූ පුවතක්.

ඔවුන්ගේ මරණය ගැන ඇසෙන ඒ කාරණාව ඇතමෙකු විශ්වාස කරන එකකුත් නැහැ. මොකක්ද මේ බොලිවුඩයෙන් ඇසෙන වෙනස්ම ආරංචිය.

ජනප්‍රිය හොලිවුඩ් අධ්‍යක්ෂකවරයෙකු සහ නළුවෙකු වන රොබ් රයිනර් සහ ඔහුගේ බිරිඳ මිෂෙල් සිංගර් රයිනර් ලොස් ඇන්ජලීස් හි ඔවුන්ගේ නිවසේදී මියගොස් සිටියදී සොයාගැනීම සම්බන්ධයෙන් එම දෙපළගේ පුතා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම මරණ පෙනෙන ආකාරයට ඝාතනයක් ලෙස පොලිසිය සැකකරන බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

රොබ් සහ මිෂෙල් රයිනර් ඝාතනයට ලක්වී දිනකට පසු, ඔවුන්ගේ පුත් නික් රයිනර් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ප්‍රධාන සැකකරු ලෙස නම් කර තිබෙනවා.

නික් රයිනර්ගේ වයස අවුරුදු 32ක්.

මෙම නඩුව අද දින LA දිස්ත්‍රික් නීතිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

රොබ් සහ මිෂෙල් රයිනර්ට දරුවන් තුන් දෙනෙකු සිටිනවා.

නික් ඔවුන්ගේ දෙවැනි පුත්‍රයායි.

මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධ ගැටලු සම්බන්ධයෙන් ඔහු පිළිබඳ මීට පෙර ද තොරතුරු තිබූ බව විදෙස් වාර්තාවල දැක්වෙනවා.

දෙමාපියන්ගේ සිරුරු සොයාගෙන ඇත්තේ ඔවුන්ගේ බාල දියණිය වන රෝමි විසින්.

රොබ් රයිනර් යනු When Harry Met Sally, This is Spinal Tap, The Princess Bride, Stand By Me, Misery සහ A Few Good Men වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කිරීමෙන් ප්‍රසිද්ධියට පත් වූවෙක්.

ඔහු ලිබරල් මතවාද සහ ඩිමොක්‍රටික් දේශපාලනය වෙනුවෙන් පෙනී සිටි අයෙක්.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ සිදුවීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ විවේචනයට ලක්වන ප්‍රතිචාරයක් පළ කර තිබෙනවා.

ට්‍රම්ප් කිසිදු සාක්ෂියක් නොමැතිව ප්‍රකාශ කළේ, රයිනර් සහ ඔහුගේ බිරිඳ මියගියේ ඔහුගේ ට්‍රම්ප් විරෝධී උමතුව හරහා ඔහු අන් අය තුළ ඇති කළ කෝපය හේතුවෙන් බවට වාර්තා වන බවයි.

රයිනර්, ජනාධිපතිවරයාගේ දැඩි විවේචකයෙක් බව ද සඳහන්.

Source – Hiru Gossip




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!