BREAKING NEWS
Search

ගමක්ම ගෙදර ගෙන්නගෙන නායයාමෙන් ජීවිත 17ක් බේරාගත් අපූරු රාජ්‍ය නිලධාරියා..!

1550

 

පහුගිය දවස්වල ලංකාවට තිබුන අපදා තත්වයෙන් හඟුරන්කෙත ප්‍රදේශයට උනේ සුළුපටු හානියක් නෙවේ හඟුරන්කෙත මොරගොල්ල වසමට ආව නායයැමත් ඒ අතර තිබුනා ඒනිසාම ජීවිත හතරක් අහිමිවුනා🥲🥲🥲🥲

මේ පහල තියෙන පිංතූරයේ ඉන්නේ මොරගොල්ල වසමේ අපේ ගොවිසංවිධානයේ ලේකම්තුමා නමින් sg පියතිස්ස එතුමා මට හම්බවෙනවා මොරගොල්ල වසමේ තිබෙන අවධානම් සහගත වැවක වතුර ඉවත් කරන්න යන ගමනෙදි
මේ එතුමාගේ කතාව

මහත්තයා ඔය නායෙන් ඔයිට වඩා මිනිස්සු ගානක් මැරෙනවා මම නැත්නම්…මන් 27 වෙනිදා කුඹුරට ගිහින් එද්දී හවස 5/45 විතර උනා මට තේරුණා එන වතුර පාරේ සැරත් එක්ක ඒ ලග ගෙවල්වලට මොකක්හරි වෙයි කියලා මන් ඒ හැම ගෙදරකටම ගිහින් කිවුවා අද රෑට විතරක් අපේ දිහාට ඇවිත් බුදියගනිල්ලා කියලා අන්තිමට එක ගෙදරකින් එක්ක ආවේ කුණුහරුපෙන් බැනලා එන්නැති නිසා. හිතුවා වගේම එදාරෑ ඒ ගෙවල්ටික යට කරගෙන නායගියා බේරගත්ත ගාණ ඔක්කොම 17යි

ගෙදර අයත් එක්ක 23යි. ගෙදර හාල් තිබ්බා කොටුවේ එලවළු තිබ්බා ගහේ කොස් තිබ්බා දවස් තුනක් එක දිගට කන්න දුන්නා ගෙදර හාල් ඉවර උනා තුන්වෙනි දවසේ කරන්න දෙයක්නැ කන්න දෙන්න දෙයක්නැ නායට අහුවුන ගෙදරක හාල් තියෙනවා කිවුවා මන් නාය මැදින් ඒ ගෙදරට ගිහින් ගාලේ හිටිය කිරිහරක් තුන්දෙනාගේ ලණුවත් කපලා හාල් ටිකත් අරන් ආවා මන් බයනැ මහත්තයා ….

මන් කතාව අහන් හිටියා තව ආත්ම ගාණකට ඒ පිණ ඇති

ප.ලි.
මන් කිවුවා මම රජයේ නිලධාරීයෙක්නේ කවදහරි දවසක මේ වගේ මිනිස්සු අගයන වැඩසටහනක් තිබුනොත් මගේ ඉහල නිලධාරීන්ට මේ කතාව කියන බව…

චතුරංග ප්‍රියදේව ගුණරත්න
උපුටාගැනීමකි




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!