ගුවන් යානයක් පොළොවට පතිත වුණාම ගොඩක් අය කරන්නේ තමන්ගේ ගමන් මලු අරගෙන ඉක්මනට ගෙදර යන්න බලන එකනේ.
හැබැයි සොරියන් පචේකෝ (Sorian Pacheco) කියන ගුවන් සේවිකාව ගුවන් යානයෙන් බහින්නේ හැමෝටම වඩා ලොකු වගකීමක් හිතේ තියාගෙන.
මොකක්ද මේ අමුතු මෙහෙයුම? සාමාන්‍යයෙන් ගුවන් ගමන් වලදී ඉතිරි වෙන කෑම වර්ග විශාල ප්‍රමාණයක් අවසානයේ යන්නේ කුණු කූඩයට. ඒත් සොරියන් ඒ කෑම කුණු කූඩයට දානවා වෙනුවට ඒවා හරිම පිරිසිදුව එකතු කරගන්නවා. ඇය ඒ කෑම අරගෙන යන්නේ කොහේටද කියලා ඇය පසුපසින් ගියොත් අපිට දකින්න ලැබෙන්නේ හරිම සංවේදී දර්ශනයක්.

තමන් යන යන නගරවල පාර අයිනේ අසරණ වෙලා, කෑමක් නැතුව ඉන්න සුනඛයන්ට මේ ගුවන් යානාවල ඉතිරිවුණු රසවත් කෑම වේල් ලබාදෙන්න ඇය කටයුතු කරනවා. තනියම පටන් ගත්ත මේ උතුම් වැඩේ දැන් ලොකු කණ්ඩායම් වැඩක් වෙලා…. ඇයගේ මේ කරුණාවන්තකම දැකපු අනෙක් ගුවන් සේවක සේවිකාවනුත් දැන් ඇයට උදව් කරනවා.
අද කාලේ මිනිස්සුන්ට මිනිස්සු අමතක වෙලා ඉන්න ලෝකෙක, තමන්ට කතා කරන්න බැරි අසරණ සතුන් වෙනුවෙන් සොරියන් කරන මේ කැපවීම ඇත්තටම අගය කළ යුතුයි. කුණු කූඩයට යන්න තිබුණු කෑම වේලක් අද අහිංසක සතෙක්ගේ බඩගින්න නිවන දිව්‍ය භෝජනයක් වෙලා.
සොරියන් වගේ “ලස්සන හදවත්” තියෙන ගෑනු ළමයි ඇත්තටම ලෝකයට ලොකු ආදර්ශයක්.
Source – Hiru Gossip







