BREAKING NEWS
Search

අත්අඩංගුවට ගත් සැකකාර නීතිඥවරිය මින්පෙර පද්මේගේ නඩුවලට පෙනී ඉඳලා

705

 

 

 

ගණේමුල්ල සංජීව ඝාතනයට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගැනුණු නිතීඥවරිය මින්පෙර කෙහෙල්බද්දර පද්මේගේ නඩු සඳහාද පෙනීසිට ඇතැයි විමර්ශනවලදී අනාවරණ වී තිබේ.

කෙහෙල්බද්දර පද්මේ විසින් සැකකාර නීතිඥවරියට රුපියල් ලක්ෂ ගණනින් මුදල් ලබාදී ඇතැයි සැකකෙරෙන අතර, ඒ අනුව අධිකරණ නියෝග මත ඇයගේ බැංකු ගිණුම් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමටත්, ඇයගේ දුරකථන විශ්ලේශන වාර්තා ලබා ගැනීමටත් පියවර ගන්නා බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර සැකකාර නීතිඥවරිය ඉකුත් ජුනි මාසයේදී කටුනායක ගුවන් තොටුපොළෙන් සිංගප්පූරුවට හරහා ඩුබායි රාජ්‍යයට ගොස් ඇති බවත් අනාවරණ වී ඇත.

විමර්ශන නිලධාරීන් පවසන්නේ ඇය වරින්වර කුලී පදනම මත නිවාස ලබාගනිමින් පදිංචිය වෙනස් කර ඇති බවය.

ada derana




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!