BREAKING NEWS
Search

“බ්‍රේක් නැතිවුණා… කළබල නොවී හැමෝම පස්සට ගිහින් බේරෙන්න…” – ජීවිත රැසක් බේරා දිවියෙන් සමුගත්, රාජකාරියට එහාගිය රැකියාවක යුතුකම ඉටුකළ රියදුරෙකුගේ මතකය යළි අවදි වූ හැටි…

1365

 

ඇල්ල – වැල්ලවාය අනතුරට හේතුව තිරිංග නොමැති වීම කියලා දැනගත්තු ගමන්ම මුලින්ම මතකයට ආවේ මේ කතාව…

ඒ වගේ මහ පුදුමාකාර මානවවාදී මිනිස්සුත් මේ රටේ ජීවත් වුණා…ඒත් හැමෝටම එහෙම කරන්න බෑ…

බස් රථයේ තිරිංග ක්‍රියාත්මක නැහැ. ජීවිත 25ක් ආරක්ෂා කර ගන්න වගකීම රියැදුරු දෑතට තිබුණා. තව මීටර් කිහිපයක් ඉදිරියට ගියොත් අඩි දහසකට අධික ප්‍රපාතයකට බසය පෙරළෙනවා.

“බ්‍රේක් නැතිවුණා. කළබල නොවී හැමෝම පස්සට ගිහින් බේරෙන්න”එසේ රියදුරුගේ හඬ අවදි වීමත් සමගම බස් රථයේ සිටි සියලුදෙනා මරළතෝනි දුන්නා.

කීර්ති බණ්ඩාරට කරන්න තිබුණේ එක දෙයයි. ඔහු පල්ලමට බස්රථය යන්න කලින් තමුන්ගේ රියැදුරු අසුන තියෙන පැත්ත හිතලම ගල් ඇන්දේ හැප්පුවා.

වේගයෙන් පැමිණි බස් රථය එක හුස්මේ නතර වුණා. මිනිස්සු බස් රථයෙන් බැහැලා ජීවිත බේරා ගත්තා. හැබැයි රියදුරු කීර්ති බණ්ඩාරගේ හුස්ම ආයෙත් ආවේ නැහැ. ඔහු තව එක විරයෙක් වෙලා මේ ලෝකෙ දාලා ගියා.

මිනිස්සු බේරගන්න හැකියාව විතරක් මදි අත්දැකීම් ඕනා…

Source – Hiru Gossip




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!