BREAKING NEWS
Search

ලක්ෂ 75ක් වැය­කොට ඉදි­කර ඇති හලා­වත හරිත උයන පරි­සර සම්පත් කේන්ද්‍රය ප්‍රයෝ­ජ­න­යක් නොගෙ­නම කැලෑ­වට

847

 

මාර­විල සමූහ මිහිර විජේ­සේ­කර

එව­කට රුපි­යල් ලක්ෂ 75කට වැඩි මුද­ලක් වැය කර­මින් හලා­වත ප්‍රාදේ­ශීය සභාව විසින් ඉදි­ක­රන ලද මාදම්පේ හරිත උයන සහ පරි­සර සම්පත් කේන්ද්‍රය කිසිදු ප්‍රයෝ­ජ­න­යක් නොගෙන වල් බිහි­වෙ­මින් විනාශ වී යාමේ තර්ජ­න­යට ලක්ව පව­තියි.

හලා­වත – කොළඹ ප්‍රධාන මාර්ග­යට මායිම්ව කඩු­පි­ටි­ඔ­යට ආස­න්න­යෙන් මෙම හරිත උයන සහ ළමා උද්‍යා­නය ඉදි­කර ඇත.

මෙහි ඉදි­කර ඇති පරි­සර සම්පත් කේන්ද්‍රය තුළින්ද ප්‍රදේ­ශයේ පාසල් ළමුන්ට මෙන්ම දෙස් – විදෙස් සංචා­ර­ක­යන්ට, පරි­ස­රය පිළි­බ­ඳව ගවේ­ෂ­ණය කර­න්නන්ට ඒ සඳහා දැනුම සහ තොර­තුරු ලබා ගැනීමේ අව­ස්ථාව උදා­විය. කුඩා දරු­වන්ට ක්‍රීඩා කට­යුතු හුරු කිරීම සඳහා ළමා උද්‍යා­න­යක් ද මෙහි ඉදි­කර ඇත.

2005 අගෝස්තු මස 03 වැනිදා ඉදි­කි­රීම් ආරම්භ කර ඇති මෙම හරිත උයන සහ ළමා උද්‍යා­නය 2008 අගෝස්තු මස 30 වැනිදා ජනතා අයි­ති­යට පත් කර ඇත.

ළමා උද්‍යා­නය සඳහා ප්‍රාදේ­ශීය සභාව විසින් පළාත් නිශ්චිත ප්‍රති­පා­ද­න­ව­ලින් රුපි­යල් ලක්ෂ 05 ක මුද­ලක් ද, සම්පත් කේන්ද්‍රය සඳහා පරි­සර අමා­ත්‍යාං­ශය විසින් රුපි­යල් ලක්ෂ 45ක් ද වැය කර ඇති බව ඒ සම්බ­න්ධ­යෙන් කරන ලද සොයා බැලී­මේදී අනා­ව­ර­ණය විය.

මේ වන විට වසර ගණ­නා­වක් තිස්සේ මෙම ස්ථානය විනාශ වෙමින් පව­තියි.

මෙම ස්ථානයේ ඇති ළමා උද්‍යා­නය තුළ කුඩා දරු­වන්ට ක්‍රීඩා කළ හැකි උප­ක­රණ රැසක් ස්ථාප­නය කර ඇත. එමෙන්ම එම ස්ථාන­යට පැමි­ණෙන අයගේ පහ­සුව සඳහා වැසි­කිළි සහ ජල­ප­හ­සු­කම් ද සම්පා­ද­නය කර ඇත. පැමි­ණෙන අයගේ පහ­සුව සඳහා උද්‍යා­නය තුළ ඇති ගොඩ­නැ­ඟිල්ලේ බිම් මහල තුළ ආපණ ශාලා­වක් ද පව­ත්වා­ගෙන ගොස් ඇත. එම ගොඩ­නැ­ඟිල්ලේ ඉහළ මහල භාවිත කර ඇත්තේ පරි­සර සම්පත් කේන්ද්‍රය පව­ත්වා­ගෙ­න­යාම සඳ­හාය. ඒ සඳහා අවශ්‍ය සිය­ලුම පහ­සු­කම් එම ස්ථානය සතුව පව­තියි.

මෙම ස්ථානය වැසි කාල­යේදී ජල­යෙන් යටවී යන්නේය. ඒ මෙම භූමි­යට ආස­න්න­යෙන් ගලා යන කඩු­පිටි ඔය පිටාර ගැලීම නිසාය. කඩු­පි­ටි­ඔයේ ජීවත් වන බව කියන කිඹු­ලන් ද මෙම භූමිය තුළ නිතර සැරි­ස­රන බවක් ප්‍රදේ­ශ­වා­සීන් නිරී­ක්ෂ­ණය කර ඇත. මෙම ළමා උද්‍යා­නය සහ පරි­සර කේන්ද්‍රය ස්ථාප­නය කර­න්නට පෙර එම අව­දා­නම් තත්ත්වය සම්බ­න්ධ­යෙන් වග­කි­ව­යු­ත්තන් අව­ධා­නය යොමු නොකළේ මන්ද යන්න සොයා බැලිය යුතු වන්නේය.

ඒ සම­ඟම බල­ධා­රීන් සිදු කර ඇත්තේ හරිත උයන සහ සම්පත් කේන්ද්‍රය වසා දැමී­මය. එප­ම­ණක් නොව එම ස්ථනයේ තිබූ නාම පුව­රුව පවා ගලවා ඉවත් කර­න්නට ඔවුන් කට­යුතු කර ඇත.

පව­තින තත්ත්ව­යට කිසි­යම් පිළි­ය­මක් යොදා මෙම පරි­සර සම්පත් කේන්ද්‍රය ස්ථාප­නය කිරීම තුළින් දෙස්වි­දෙස් සංචා­ර­ක­යින්ට අවශ්‍ය දැනුම ලබා දීමට හැකි­යාව ඇත. ඒ තුළින් අම­තර ආදා­ය­මක් ද ලබා ගැනීමේ හැකි­යාව ඇත. එමෙන්ම ළමා උද්‍යා­නයේ පව­ත්වා­ගෙ­න­යාම තුළින් ප්‍රදේ­ශයේ දරු දැරි­යන්ට සවස් කාලය ගෙවී­මට සුදුසු වට­පි­ටා­වක් සකස් වනු ඇත.

නමුත් බල­ධා­රීන් ඒ කිසි­වක් සිදු නොකර ළමා උද්‍යා­නය සහ පරි­සර සම්පත් කේන්ද්‍රය වසා දමා ඇත්තේ රුපි­යල් ලක්ෂ ගණ­නක මුද­ලක් විනා­ශ­යට පත් කර­මිනි

Source – Dinamina




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!