BREAKING NEWS
Search

දරුවා වැරදි කරල නැහැ – මේක දේශපාලන පලිගැනීමක් – රෝහිත

566

වාහන එකලස් කර විකිණීමේ ජාවාරම්කාරියක බවට සාක්ෂි ලැබීම නිසා පොලිසිය සොයමින් සිටියදී පසුගිය දින ගණනාව පුරා සැඟවී සිට ඊයේ ‍භාරවූ රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරයාගේ දියණිය මෙලනි අද දින අධිකරණයට ඉදිරිපත් කළ පසුව මිලියන 2 ක ඇප මත නිදහස් කළ අතර ඊළඟ නඩු වාරයට පෙනීසිටින ලෙස දන්වා අවවාද කර නිදහස් කර තිබුණි.

මෙම අවස්ථාවට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මෙය දේශපාලන පලිගැනීමක් ලෙසත් දියනිය කිසිම වරදක් කර නැති බවත් මාධ්‍ය කැමරා ශිල්පීන් හමුවේ ප්‍රකාශ කර තිබුනේ පහත පරිදිය.

 

 

උඩ ඉන්නවා දෙවියො කෙනෙක්. ඒ දෙවියන් අනුව අපි වැරදි කරලා නැහැ.දරුවො වැරදි කරලා නැහැ. හැබැයි ඉතින් යම් උත්සාහයක යෙදෙනව නම් කවුරු හෝ රෝහිත අබේගුණවර්ධනගේ දේශපාලන ගමන මේ කාරනාව නිසා නවත්තන්න පුලුවන් කියලා. ඒක නවතින්නෙ නැහැ තව පන්නරය ලබනවා. අපි ඉන්න කාලවල අපේ විරුද්ධවාදීන් කියල කොටසක්ගෙන් පලිගත්තෙ නැහැ කියලා හෘද සාක්ෂිය දන්නවා. හැම දෙයක්ම මං කාලයාට භාර දෙනවා.

Source – Gossip Lanka News




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!