මෙතෙක් කල් නගර සභා සහ පළාත් පාලන ආයතන මගින් පියවනු ලැබූ වීදි ලාම්පු සඳහා වන විදුලි පිරිවැය, ඉදිරියේදී සෘජුවම විදුලි පාරිභෝගික ජනතාවගෙන් අය කර ගැනීමට රජය සූදානම් වන බව ලංකා විදුලි බල මණ්ඩල නව සේවක සංගමය චෝදනා කරයි.
එහි ප්‍රධාන ලේකම් ප්‍රියන්ත වික්‍රමසිංහ මහතා අදහස් දක්වමින් කියා සිටියේ, මේ වන විටත් විදුලි ගාස්තු ඉහළ දැමීම හරහා පීඩාවට පත්ව සිටින ලක්ෂ 70ක් වන සමස්ත විදුලි පාරිභෝගිකයන් මත මෙම පිරිවැයද පටවමින් පවතින බවයි.
මෙහි ඇති විශේෂත්වය වන්නේ, නගර සභා සහ ප්‍රාදේශීය සභා මගින් මහජනතාවගෙන් විවිධ බදු මුදල් අය කරගනු ලබන්නේ මෙවැනි පොදු සේවාවන් නඩත්තු කිරීමට වුවද, දැන් එම පිරිවැයද නැවත වතාවක් විදුලි බිල හරහා ජනතාවගෙන් අය කර ගැනීමට උත්සාහ කිරීමයි.
මෙය “එක පැත්තකින් දීලා අනිත් පැත්තෙන් ගන්නවා වගේ වැඩක්” බව පෙන්වා දෙන ප්‍රියන්ත වික්‍රමසිංහ මහතා, මෙම ක්‍රියාවලිය හරහා පාරිභෝගික ජනතාව තවදුරටත් ගසාකෑමට ලක්වන බව අවධාරණය කළේය.
lanka C news







