BREAKING NEWS
Search

උසාවි තීන්දුවත් අපතේ… සීතාවක සභාපති අදත් නෑ.. ඝන පූර්ණය අරන් මන්ත‍්‍රීන් එලියට බහී….

2037

උසාවි තීන්දුවත් අපතේ… සීතාවක සභාපති අදත් නෑ.. ඝන පූර්ණය අරන් මන්ත‍්‍රීන් එලියට බහී….
සීතාවක ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයෙකු තෝරා ගැනීමේ ප්‍රයත්නය අද (ජූලි 15) දෙවන වරටත් අසාර්ථක විය.

බස්නාහිර පළාත් පළාත් පාලන කොමසාරිස් සාරංගිකා ජයසුන්දර මහත්මියගේ ප්‍රධානත්වයෙන් රැස්වීම පැවති අතර, රහස් ඡන්දයකට විපක්ෂ මන්ත්‍රීවරුන් විරෝධය පළ කරමින් සභාවෙන් පිටව ගියහ.

විපක්ෂ මන්ත්‍රීවරුන් සභාවෙන් පිටවීම හේතුවෙන්, රැස්වීම පැවැත්වීමට අවශ්‍ය ගණ පූරණය නොමැති විය.

මේ නිසා, පළාත් පාලන කොමසාරිස්වරියට රැස්වීම දින නියමයක් නොමැතිව කල් දැමීමට සිදු විය.

මීට පෙර පැවති රැස්වීමකදී ද මෙවැනිම තත්ත්වයක් ඇති විය.

එහිදී, රහස් ඡන්දයකින් සිදු කිරීමට කොමසාරිස්වරිය තීරණය කිරීමත් සමඟ, ඊට විරෝධය පළ කරමින් විපක්ෂ මන්ත්‍රීවරුන් සභාවෙන් පිටව ගොස් තිබුණි.

සීතාවක ප්‍රාදේශීය සභාවට නව සභාපතිවරයෙකු පත් කර ගැනීම අඛණ්ඩව අභියෝගයක් වී ඇති බව මෙම සිදුවීම් මාලාවෙන් පැහැදිලි වේ

lanka C news




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!