80 දශකයේ පෙරලිකාර වාහන. #Japan ජපනට වැරදුන වාහනය #Delica කියලා තමයි ඒ කාලේ ඩ්‍රයිවර්ලා කිව්වේ. ඉංදියන් වාහන එන්න කලින්, 80 දශකයේ මේ වෑන් එකක් ලක්ෂයකට ආසන්න මුදලකට තමයි වෙළඳපොලේ තිබුනේ. 34 ශ්‍රි, 38 ශ්‍රි Delica වෑන් තිබුනේ. මෙකෙත් උඩ පැටල් යට පැටල් කියලා තිබුනා. ඒ දවස්වල මගුල් ගෙදරකට, ගමනක් බිමනක් යන්න තිබුන, ලාබදායි එකම වාහනය.
දැන්වගේ ඒ දවස්වල, පාරවල් කාපට් නෑ, මඩ, ගල් ඇතිරු පාරවල් තිබුනේ. ඕනම කඳු පාරකට ඔරොත්තු දෙන, කිලෝ 1000 ට වඩා බරක් දාගෙන, ඕනම කන්දක, පාරක යන්න පුලුවන්, වියදම අඩුයි. කිචි කිචි ඩෙලිකා කියලත් කියනවා. ඒ දවස්වල බණ්ඩාරවෙල වෑන් පාක් එකේ, වෑන් 50 ක් විතර තිබුනා. දැන් එකක් දෙකක් විතර තියෙනවා පාක් එකේ පරන අය ලඟ. අනිත් අය ඩෙලිකා විකුණලා අලුත් වෑන් අරගෙන.
කාලෙකින් මේ වගේ අලුත්වැඩියා කරපු DELICA එකක් දැක්ක. ඒකාලේ අභිමානවත් ලෙස හිටපු එයාව තාමත් පරිස්සෙමෙන් තියාන ඉන්නවා.

උපුටා ගැනීමක්.







