හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයකු වන ශාන්ත මුදුන්කොටුව (12) සවස මීගොඩ ආටිගල මාර්ගයේදී වෙඩි තබා ඝාතනය කිරීම මෙහෙයැවූ බවට හඳුනාගෙන ඇති පොළොන්නරුවේ සුද්දා නැමැති අපරාධකරු රඳවා සිටින මහර බන්ධනාගාරයේ ඔහු සිටින වාට්ටුව තුළ අද කළ සෝදිසියේදී ජංගම දුරකථනයක් හමුවී තිබෙනවා.
මෙම ඝාතනය මෙහෙයවීමට බන්ධනාගාරයේ සිට වෙඩික්කරු ඇතුළු පාතාලයේ අපරාධකරුවන් සම්බන්ධ කරගැනීමට යොදාගෙන ඇත්තේ මෙම දුරකථනය බවට තොරතුරුද මේ වනවිට අනාවරණය වී අවසන්.
වෙඩික්කරු පැමිණි මෝටර් රථය පැදවූ දමිත් ඉන්දික නැමැත්තා සමඟද පොලොන්නරුවේ සුද්දා සම්බන්ධකම් පවත්වා ඇත්තේ එම දුරකථනය ඔස්සේ බවද තහවුරු වී තිබෙනවා.
දමිත් ඉන්දික නමැත්තා සුද්දාගේ ඥාතියෙකි වන අතර අත්තිඩියේ පදිංචිකරුවකු වන ඔහු කොල්ලකෑම් ඇතුළු අපරාධ 10කට පමණ චෝදනා ලැබූවෙක් බවද අනාවරණය වෙනවා.
මෙම අපරාධය සඳහා වෙඩික්කරු දින 04කට පමණ පෙර පැමිණ ඇත්තේ හම්බන්තොට සිට බවත් දින 04ක්ම හෝමාගම ආශිත ප්‍රදේශයක පිහිටි හෝටලයක නවාතැන් ගෙන සිට ඇති බවත් වෙඩික්කරු පැමිණි මග ඔස්සේ කළ ආරක්ෂක කැමරා පරීක්ෂාවකදී සහ දුරකථන ජාල විශ්ලේෂණයකදී අනාවරණය වී තිබෙනවා.
වෙඩික්කරු වෙඩි තැබීමෙන් අනතුරුව නැවතත් අධිවේගී මාර්ගය ඔස්සේ පලා ගියේදැයි සැකයක් විමර්ශන නිලධාරීන්ට මතුවී තිබෙනවා.
ඩුබායි හී රැඳී සිටින බවට මේ වන විට තොරතුරු ඇති ලලිත් කන්නන්ගර විසින් ලබාදුන් කොන්ත්‍රාත්තුවකට අනුව පොලොන්නරුවේ සුද්දා සමග බන්ධනාගාරගතව සිටින තවත් අපරාධකරුවකු වන ආමි සම්පත් මෙම ඝාතනය මෙහෙයවා ඇති බවද අනාවරණය වී තිබෙනවා.
“ලලිත් කන්නන්ගර රට ඉඳන් ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ඉල්ලනවා. බයට මේ ගැන ව්‍යාපාරිකයෝ පොලිසියට පැමිණිලි කරන්නේ නැහැ. එහෙම ව්‍යාපාරිකයෝ ගැන තොරතුරු ලැබුණම මෙම හිටපු මන්ත්‍රී ඒ කියන ව්‍යාපාරිකයන්ව හමුවෙන්න යනවා බන්ධනාගාරයේ වැඩ කරන ඔහුගේ මිතුරු ජේලර් කෙනෙක් එක්ක. ගිහින් කියනවා ලලිත් කන්නන්ගරව දන්න කියන අය බන්ධනාගාරයේ ඇතුළේ ඉන්නව කියල. ඒ අයට කියල වැඩේ ෂේප් කරල දෙන්නම් ඒ නිසා කප්පම් දෙන්න යන්න එපා කියල.”
ඔය අතරේ ඒ කියන ව්‍යාපාරිකයන්ගෙන් මේ අය සංතෝසම් අරගන්නවා කියල තොරතුරු අපිට ලැබිල තියෙනවා. ඔය කියන ජේලර්ගෙන් අපි ඉදිරියේදී ප්‍රශ්න කරනවා“ විමර්ශන භාරව සිටින උසස් පොලිස් නිලධාරියකු පැවසුවා.
හිටපු මන්ත්‍රීවරයාගේ ඝාතනයට මෙම සිදුවීම මුල් වීදැයි පැහැදිලිවම සඳහන් කළ නොහැකි බවත් ලලිත් කන්නන්ගර සමඟ මන්ත්‍රීවරයාට සම්බන්ධකම් තිබී ඇති බවත් එම නිලධාරියා සඳහන් කළා.
මෙම වෙඩි තැබීම පවා සිදුකර ඇත්තේ මන්ත්‍රීවරයා නිවසේ සිට ගෙන්වාගෙන බවද විමර්ශනවලින් අනාවරණය වී ඇතැයිද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළා.
Source – Hiru Gossip







