BREAKING NEWS
Search

බලශක්ති ඇමතිට චෝදනා එල්ල වන්නේ ඇමතිකම ගත් පසු සිදුවීමකට නොවේ..- නලින්ද

849

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව විසින් පරීක්ෂණයක් ආරම්භ කළ බව පවසා නැතැයි ඇමති නලින් ද ජයතිස්ස මහතා සඳහන් කරයි.

කෙසේ වෙතත් අද අදාළ චෝදනාව කුමාර් ජයකොඩි මහතා අමාත්‍ය ධූරය බාරගත් පසු පැමිණි ප්‍රශ්නයක් නොවන බවත් පැවසුව එය කුමාර ජයකුගේ මහතා රාජ්‍ය සේවයේ යෙදී සිටියදී ඇතිවූ ගැටලුවක් බවත් පැවසීය.

ඔහු සේවය කරන ද ආයතනයේ පහළ සේවකයන් කිහිප දෙනෙකු සිදු කරන ලද අඩුපාඩුවක් හේතුවෙන් ජයකොඩි මහතාට චෝදනා එල්ල වූ තිබූ බවද ඇමතිවරයා පැවසුවේය.

බේරුම්කරන අධිකරණයේදී මෙම සිදුවීමෙන් රජයට පාඩුවක් නොවන බවට තීන්දුවක් ලැබී ඇති බවත් ජයකොඩි මහතා රාජ්‍ය සේවයෙන් ඉවත් කරන නැති බවත් ඔහු ඉල්ලා අස්වී ඇති බවත් හෙතෙම සදහන් කරයි.

කෙසේ වෙතත් ඉදිරියේදී වර්ධනය වන තත්ත්වයන් අනුව කටයුතු කිරීමට සූදානම් යයිද ඇමතිවරයා තව දුරටත් කියා සිටියේය.

Source – lanka C News




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!