BREAKING NEWS
Search

ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයට කප් සිටුවයි. පෙරහැර පැවැත්වෙන දිනයන් මෙන්න

1718

ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ ඇසල පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම අද (25) සිදුකර තිබෙනවා.

අද පෙරවරු 6.05 ට යෙදුණු සුබ මොහොතින් ඇසළ පෙරහැර සඳහා කප් සිටුවීම සිදුකර ඇති බවයි සඳහන් වෙන්නේ.

ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ ප්‍රථම කුඹල් පෙරහැර ලබන 30 වැනිදා ආරම්භ වීමට නියමිත අතර, අවසන් කුඹල් පෙරහැර අගෝස්තු 03 දින පැවැත්වීමට නියමිතව තිබෙනවා.

අනතුරුව පළමු රන්දෝලි පෙරහැර අගෝස්තු 04 දින ද, අවසන් මහා පෙරහැර අගෝස්තු 08 දින ද වීථි සංචාරය කිරීමට නියමිතව ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!