සිගිරි කැටපත් පවුරේ කොණ්ඩා කට්ටෙන් අකුරු ලියූ තරුණිය ලබන 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස දඹුල්ල දිසා විනිසුරු නිලන්ත විමලරත්න මහතා (15) නියෝග කළා.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචි මුත්තු කුමාරි නිරංජලා නමැති 21 හැවිරිදි තරුණියයි.
මෙම සැකකාරිය සිය කොණ්ඩා කටුවෙන් සීගිරි කැටපත් පවුරේ ඉංග්‍රීසි අකුරු හයක් ලියා ඇති බවට පෙලීසිය අධිකරණයට දැනුම් දුන්නා.
අවිස්සාවේල්ල ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන් පිරිසක් අද (15) සදීගිරිය නරඹීම සඳහා ගොස් තිබූ බවත්, ඔවුන් අතර සිටි මෙම සැකකාර තරුණිය තම හිසේ ගසාගෙන සිටි කොණ්ඩාකටුවක් රැගෙන සීගිරිය කැටපත් පවුරේ අක්ෂර ලියනු දැක ඇති පුරාවිද්‍යා ආරක්ෂක නිලධාරීන් ඇයව භාරයට ගෙන තිබූ බවත් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා.
මෙම ස්ථානයේ කැටපත් පවුරේ ඇති වැදගත්කම සහ එය ස්පර්ශ කිරීම, අකුරු ලිවීම සහ හානි කිරීම තහනම් බව භාෂා ත්‍රිත්වයෙන්ම දැනුවත් කොට තිබියදීත් මෙවැනි අවාසනාවන්ත සිදුවීම් සිදුවීම අභාග්‍යයක් බව පොලිසිය අධිකරණයට දැනුම් දී තිබුණා.
සිගිරිය පොලීසියේ පොලිස් සැරයන් (59273) එච්. එම්. එස්. හේරත් සහ කාන්තා පොලිස් කොස්තාපල් (9401) කුමාරි යන නිලධාරින් සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කළා.
Hiru Gossip