ආසියානු කුසලාන විස්සයි20 සුපිරි හතර තරග වටයේ දැනට පවත්වා ඇති තරග දෙකින්ම පරාජයවී අවසන් තරගයට යාමට අඩු බලාපොරොත්තු තිබෙන ශ්‍රී ලංකා කන්ඩායම ගැන ඊයේ පකිස්තානය හා තරගය පරාජයෙන් පසු කණ්ඩායම් නායක චරිත් අසලංක මෙසේ අදහස් දක්වා තිබුණි.
අවසාන මහා තරගයට යන්න චාන්ස් එක නෑ මං හිතන්නේ දැන් හරි විදිහට. නමුත් මං හිතනවා කණ්ඩායමක් විදිහට සතුටු වෙන්න පුළුවන් තැනුත් තියෙනවා අපි හදාගෙන ඉටු කරගන්න ඕන තැනුත් ඇති මං හිතන්නෙ මේ දේ වුණේ හොඳට. මොකද මේ දේ හොඳට හොඳ විදිහට අපි ගත්තොත් තමයි අපිට ඉස්සරහට කණ්ඩායම තව පොඩ්ඩක් ඉදිරියට ගන්න පුළුවන්.
අපි නිකං මේක ගැන හිත හිත වොරි වෙවී ඉන්න එක නෙමෙයි අනිවාර්යයෙන් අපි පොඩි වෙලාවක් මං හිතන්නෙ ක්රීඩකයන් සියලු දෙනාම කණගාටුවෙන් ඉන්නෙ. ආසියානු කුසලානට යද්දි අපිට ලොකුම ගැටලුවක් තිබ්බා කම්බිනේෂන් ප්රශ්නයක් අපි ට්රයි කරා බොලර්ස්ලා 4 රින් යන්න ට්‍රයි කරා පාට් ටයිම් තුනක් එක්ක දැන් අද එක්ස්ට්රා බෝල කෙනෙක් ට්රයි කරා අපි එතකොට අපේ නිත්ය පිතිකරුවෙක් අහිමිවුණා. පිට මං හිතන්නෙ ඕක තමයි අපි හදාගන්න ඕන දේවල් අපිට ප්රශ්න තිබ්බා.
මං හිතනවා හරි ඉක්මනින් මේ ප්‍රශ්න සෝල් කරගන්න පුළුවන් නම් මං හිතනනා අපේ කණ්ඩායමට ගොඩක් ඉදිරියට යන්න පුළුවන් වෙයි.
Gossip Lanka News