එදා මෙදාතුර ශ්‍රී ලංකාවේ බිහි වූ අද්විතීයම ගායනවේදිනියන් ලෙස ලතා වල්පොල,සුජාතා අත්තනායක,ඇන්ජලින් ගුණතිලක සහ නන්දා මාලිනි ශිල්පිනියන් අවිවාදිතව හැඳින්විය හැකිය. රුක්මණි දේවිය වැනි ජ්‍යෙෂ්ඨ ගායිකාවන්ට පසුව මෙම සතර මහා මුදුන් මුල් මත ගායිකා වංශ කතාව පෝෂණය විය.
ස්වර්ණමය සිනමා යුග වන 60,70,80 දශක වල පසුබිම් ගායනය සඳහා “ගායිකා ත්‍රී මූර්තියක්” ලෙස ලතා, සුජාතා,ඇන්ජලීන් ප්‍රමුඛ විය. ප්‍රධාන නිළියන් සඳහා පසුබිම්
ගායනයට මේ හඬවල් තුන හැර වෙනත් හඬවල් යොදා ගත්තෙ ඉතාමත් අල්ප ලෙසයි. මෙහිදී ලතා පුරෝගාමී වන්නෙ එවකට දකුනු ඉන්දියානු ගායිකාවන් සතුව තිබූ සිංහල සිනමා පසුබිම් ගායනය තම අණසකට ගත් ගායිකාව ලෙසයි.
සිනමා ගායනයෙන් බැහැරව, ගුවන් විදුලිය මූලික කොටගත් සරල සහ ශාස්ත්‍රීය ගීතයන් තුළ සුජාතා සහ නන්දා ඉතාමත් ප්‍රබල විය. ගුවන් විදුලියේ වැඩිම ගීත ගණනක් පටිගත කළ ගායිකාවන් ලෙස පළමුව සුජාතාවන් සහ දෙවනුව නන්දාවන් ශ්‍රේණිගත වන්නෙ එම කරුණ සපථ කරමිනි. ඊට අමතරව ප්‍රථම සිනමා සංගීත අධ්‍යක්ෂකවරිය ලෙස සුජාතාවන් සහ දෙවන සිනමා සංගීත අධ්‍යක්ෂකවරිය ලෙස නන්දාවන් වාර්තා අතරට එක්වන්නෙ ගායිකා වංශ කතාව තවත් ශක්තිමත් කරමින්.
මෙම ගායනවේදිනියන් සතර දෙනාගෙන් තොරව ශ්‍රී ලාංකීය ගායිකා වංශ කතාවක් පිළිබඳව සිතීම පවා කළ නොහැක්කකි. මන්දයත් පසුකාලීනව බිහිවුණු ගායන ශිල්පිනියන් පවා අඩු වැඩි වශයෙන් මේ මහා සතර ගායන ශිල්පිනියන්ගේම දිගුවක් වීමය. එම නිසා ශ්‍රී ලාංකීය ගායිකා වංශ කතාව ගොඩනැගී තිබෙන්නෙ මේ මහා මුදුන් මුල් සතර මත බව අවිවාදිත කරුණකි.
හෙළ සංගීත කෙත මියුරු ස්වරයෙන් ප්‍රභාමත් කළ මහා පහන් තරු සතරෙන්, පහන් තරු ද්විත්වයක් අද වන විට නිවී ගොස්ය. ඇන්ජලින් ගුණතිලක සහ ලතා වල්පොල මහා ගායනවේදිනියන් දෙපලට ඔවුන් පැතූ අයුරින් මෝක්ෂ සම්පත්තිය ලැබේවා!!!
නන්දා මාලිනි සහ සුජාතා අත්තනායක මහා ගායනවේදිනියන් දෙපලට චිර ජීවනය සහ නීරෝගී දිර්ඝායුෂ ලැබේවා!!!
ශ්‍රී ලාංකීය සංගීතයට සහ රසිකයින් වෙනුවෙන් කළ මෙහෙවරට මේ මහා ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පිනියන්ට අප ස්තූතිවන්ත වන්නෙමු..!!!
(මෙම ඡායාරූපය AI තාක්ෂණයෙන් නිර්මාණය කරනු ලැබූවකි
මුල් ඡායාරූප කර්තෘ අයිතිය – Dayan Witharana මහතා)







