BREAKING NEWS
Search

‍අප්‍රසිද්ධියේ සුප්‍රසිද්ධ තැනකට ආ රහසේ බලවත් වන අනාගත නායිකාව….

1661

 

ලෝකයම බලා සිටි චීනයේ විජයග්‍රහණයේ දින සැමරුමට කිසිවකු නොසිතූ පුද්ගලයකු පැමිණ සිටීම, පුවත් පිට පුවත් මැවූ බීජිං සැමරු‍මේ තවත් එක් සුවිශේෂී අනාවරණයක් බවට පත්ව තිබෙනවා.

ඒ උතුරු කොරියාවේ මීළඟ අනුප්‍රාප්තිකයාගේ සම්ප්‍රාප්තියයි.

ඇය තවමත් නව යොවුන් තරුණියක්.

අනාගතයේ බලවත් රටක නායිකාව වීමට රහසේම පුහුණු කරන ඇය, කිම් ජු-ඒ නම් වන උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ගේ දියණියයි.

ප්‍රථම වතාවට ඇය ජාත්‍යන්තර වශයෙන් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ සමුළුවකට පැමිණ තිබීම කාගේත් අවධානයට ලක්ව තිබෙනවා.

ඒ ඇය උතුරු කොරියාවේ පළමු නායිකාව බවට පත්වන ලකුණු සනාථ කිරීමක් ද යන ප්‍රශ්නයට යම් තහවුරු කිරීමක් ලබාදීම නිසයි.

සිය පියා සමඟ සන්නද්ධ දුම්රියේ නැගී චීනයට ආ ඇය විජයග්‍රාහී සැමරුමේ අවස්ථාවන් සඳහා පියාගේ පසුපසින් යමින් සහභාගි වී තිබුණා.

කිම් ජු-ඒ ගේ වයස හෝ නිශ්චිත නාමය මෙතෙක් හෙළි කර නැහැ. උතුරු කොරියාව යනු ලොවට විවෘත නොවූ, රහස්වලින් පිරුණු රාජ්‍යයක් බැවින් ලෝකයා ඇය ගැනත් සැළකූයේ ඒ රහස්වලින් තවත් එකක් ලෙස පමණයි.

නමුත් 2022 දී ඇය පළමු වතාවට තම රට තුළදී ප්‍රසිද්ධියේ පෙ‍නී සිටියා. තවද සුවිශේෂී මිසයිල අත්හදාබැලීමකදී සිය පියා සමඟින් ඇය සහභාගි වී තිබූ අතර ඇය මීළඟ නායිකාව වන බවට එම අවස්ථාවේදී ද සලකුණු කළ බව විදෙස් වාර්තාවල සඳහන් වුණා.

ජු-ඒ සිය පියාගේ අනුප්‍රාප්තිකයා විය හැකි බවට බොහෝ මත පළවනවා. නමුත් ඊට ඇයට අවම වශයන් වයස අවුරුදු 20ක්වත් විය යුතුයි.

එසේ වුවහොත් ඇය කිම් පවුලේ උතුරු කොරියාව පාලනය කළ සිව්වැනි නායකයා බවට පත්වනවා.

දකුණු කොරියානු බුද්ධි වාර්තාවක දැක්වෙන පරිදි කිම් ජොන් උන්ට දරුවන් තිදෙනකු සිටිනවා. පුත්‍රයා 2010 දීත් ජු-ඒ 2013 දීත් 2017 දී තවත් දරුවකු ඉපදී ඇති බවට ඉන් අනුමාන කර තිබුණා. කෙසේවෙතත් සෙසු දරුවන් මෙතෙක් ප්‍රසිද්ධියේ පෙනී සිට නැහැ.

ඇයට නායකත්වය වෙනුවෙන් ප්‍රායෝගික පුහුණුවීම්වල කොටසක් ලෙස මෙම සංචාරයට ද රැගෙන එන්නට ඇති බවට මත පළවනවා.

Source – Hiru Gossip




Leave a Reply

Your email address will not be published. Required fields are marked *