BREAKING NEWS
Search

ආණ්ඩුව වැඩ කරන්න දන්නේ නෑ, ගොඩක් දේවල් අහගන්නේ සජිත්ගෙන් – නලීන් බණ්ඩාර

799

වත්මන් ආණ්ඩුව බලයට පත්වී සිදුකරන වැඩක් පෙනෙන්නට නොමැති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර පවසනවා.

රට වැටෙනවාට හෝ අකර්මන්‍ය වනවාට පක්ෂයක් ලෙස තමන් කැමති නැති බවත්, රට දියුණු කිරීමට හොඳම අවස්ථාව මෙය බවත්, අනෙකුත් ආණ්ඩු පැමිණි පසු ඔවුන් වැඩ කිරීමට ඉඩ ලබා නොදුන් බවත්, අද ආණ්ඩුව ගෙන ඔවුන් වැඩ කිරීමට නොදන්නා බවයි අද (25) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

අද වත්මන් ආණ්ඩුව බොහෝ දේවල් අසා දැනගන්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් බවද, සජිත් ප්‍රේමදාස පැවසූ බොහෝ‍ දේ ආණ්ඩුව සිදුකර ඇති බවද, ආණ්ඩුව සජිත් ප්‍රේමදාස ළඟට පැමිණ බංකුවක් තබාගෙන ටියුෂන් ලබාගන්නා ආකාර‍යක් දැනෙන බවද ඔහු ප්‍රකාශ කළා.

ලබන වසර මැද වන විට වත්මන් ආණ්ඩුවට ඡන්දය ලබාදුන් ජනතාව ආණ්ඩුවට එරෙහිව කටයුතු කරනු ඇති බවත්, ඡන්දය ලබාදුන් ජනතාව තෘප්තිමත් කිරීමට නොහැකි නම්, එතන අර්බුදයක් හටගන්නා බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර වැඩිදුරටත් පවසා සිටියේ.

Source – එසැණ




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!