ආණ්ඩුව විසින් හොරු අල්ලන බවට පෙන්වීමට විවිධ දේවල් සිදු කරමින් ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර පවසනවා.
ආණ්ඩුව විසින් අල්ලන හොරු “සොච්චම් හොරු” බවත්, එම සොච්චම් හොරකම් සිදුකර ඇත්තේ ජනතාවට ලබාදීමට බවයි (17) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා ප්‍රකාශ කර සිටියේ.
එස්.එම්. චන්ද්‍රසේන බඩඉරිඟු ඇට බෙදීම සම්බන්ධයෙන් සිරගත වී සිටින බවත්, ඔහු විසින් එම බඩඉරිඟු ඇට රැගෙන, පිටි කර, අග්ගලා සාදා කෑවේ නම්, එය හොරකමක් විය හැකි බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.
Source – එසැණ