BREAKING NEWS
Search

ආණ්ඩුවේ අයට දැන් රථ ගාය හැදිලා – ජොනීගෙන් චෝදනා

236

වර්තමාන රජයේ ප්‍රධාන ඉලක්කය වී ඇත්තේ වාහන 1,750ක් ආනයනය කිරීම බවත්, ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට දැන් “රථ ගාය” වැළඳී ඇති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා චෝදනා කරයි.

කෑගල්ල ප්‍රදේශයේ පැවති පක්ෂ ක්‍රියාකාරීන්ගේ හමුවකදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මෙරට ඉතිහාසයේ කිසිදු නායකයෙකු මෙතරම් විශාල වාහන ප්‍රමාණයක් එකවර ගෙන්වා නොමැති බවයි.

රටේ ජනතාව උග්‍ර ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින මොහොතක, ගොවීන්ට තම අස්වැන්න අලෙවි කර ගැනීමට නොහැකි වී ඇති බවත්, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පවා ආනයනය කිරීමට සිදුවී ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.

 

මන්ත්‍රීවරුන්ට විශේෂ වරප්‍රසාද ලබා නොදෙන බවට පොරොන්දු වූ රජය දැන් ජනතා මුදලින් අධික වියදම් දරමින් වාහන ගෙන්වීමට සැරසෙන බවට ද හිටපු අමාත්‍යවරයා චෝදනා කළේය.

එළඹෙන 21 වනදා නුගේගොඩදී පැවැත්වීමට නියමිත විරෝධතා රැලිය ආණ්ඩුවට ලබා දුන් පොරොන්දු ඉටු කිරීමට බලපෑම් කිරීම සඳහා සංවිධානය කරන ලද්දක් බවත්, රජය එයට දැඩි බියක් දක්වන බවත් ඔහු සඳහන් කළේය. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා රටට ඉමහත් සේවයක් කළ නායකයෙකු බවත්, වත්මන් රජය ඔහුට සහ මහා සංඝරත්නයට අපහාස කරමින් සිටින බවත් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් පැවසීය.

Source – Gossip Lanka News




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!