මාස 09 ක් ගතවී ඇතත්, ජනතා ප්‍රශ්නවලට පිළිතුරු දීමට ආණ්ඩුවට නොහැකි වී ඇති බව ජන අරගල සන්ධානයේ දුමින්ද නාගමුව පවසනවා.
වත්මන් ආණ්ඩුව ජනතා ගැටලුවලට විසඳුම් ලබා නොදුන්නද, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කරන ලද දේ ඒ ආකාරයෙන්ම ඉටු කරමින් ඇති බවයි අද (09) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.
වත්මන් ආණ්ඩුව ජනතාවගේ අවශ්‍යතා ඉටු කරනවා වෙනුවට, ව්‍යාපාරිකයන්ගේ හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවශ්‍යතා ඉටු කරන තැනට තවත් පියවරක් තබා ඇති බවද ඔහු ප්‍රකාශ කළා.
ළමයෙකුට සෙල්ලම් භාණ්ඩයක් ගෙන්වන, ක්‍රීඩා උපකරණයක් ගෙන්වන හෝ ඉලෙක්ට්‍රොනික උපකරණයක් ගෙන්වන පුද්ගලයාගෙන් බදු ගසා මේ දිව්‍යලෝකය නිර්මාණය කිරීමට ආණ්ඩුව සිතා සිටින බවයි ජන අරගල සන්ධානයේ දුමින්ද නාගමුව වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.
Source – එසැණ







