BREAKING NEWS
Search

ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය “ගජබින්නාලංකාරය” ලෙස නම්විය යුතුයි. මේ යෝජනා ඉටු කරන්න වසර දහදාහක්වත් යයි. – ගම්මන්පිල

372

වත්මන් ආණ්ඩුව ජනතාවට බොරු ප්‍රකාශ කර බලය ලබාගෙන, ලබාදුන් පොරොන්දු කිසිවක් ඉටුකර නොමැති බව පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා.

ඒ අනුව, වත්මන් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය “ගජබින්නාලංකාරය” ලෙස නම් කිරීම වඩාත් සුදුසු බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේ.

ආණ්ඩුව ඉදිරිපත් කර ඇති යෝජනා සියල්ල ඉටු කිරීමට වසර 10,000ක් පමණ බලයේ සිටීමට සිදුවනු ඇති බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ

Source – එසැණ




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!